27 April 2024
#දේශීය

කොවිඩ් අවධානම අවසන් නෑ – වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානියා පවසයි

 සමාජයෙන් කොවිඩ් 19 ආසාදිතයන් හමුවීමේ ඉඩකඩ ඕනෑම අවස්ථාවක  පවතින බැවින් සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත් අඛණ්ඩව අනුගමනය කළ යුතු බව වසංගත රෝග විද්‍යා අංශයේ  ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර පවසයි.

කෙසේ වුවත්  දැනට වාර්තා වන ආසාදිතයන් සියලුදෙනා නිරෝධායනයට ලක්ව සිටින අය අතරින් හඳුනාගෙන ඇති නිසා වෛරසය පාලනය කළ තත්ත්වයක් මෙරට පවතින බවත් ඔහු සඳහන් කරයි.

වසංගත රෝග විද්‍යා අංශයේ  ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මේ අදහස් දක්වා සිටියේ අද (26) පැවති මාධ්‍ය හමුවකදීය.

සෑම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයක්ම ආවරණය වන පරිදි ජන අනුපාතයට අනුව තෝරාගත් කණ්ඩායම් PCR  පරීක්ෂණ සඳහා යොමු කිරීමේ වැඩපිළිවෙලක් සකස් කර ඇති බව ද එහිදී ඔහු වැඩිදුරටත් පැවසීය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *