27 April 2024
#දේශීය

පාසල් වල 1 සිට 13 දක්වා සියළු ශ්‍රේණි – අගෝස්තු 10 සිට වැඩ

එළඹෙන මහ මැතිවරණයෙන් පසු  අගෝස්තු මස 10 වැනිදා සිට සියලූ රජයේ පාසල් පළමු ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා සම්පූර්ණයෙන් ආරම්භ කිරීමට මේ වනවිට කටයුතු සූදානම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

අධ්‍යාපන  අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට මෙසේ පාසල් විවෘත කිරීමේ ක‍්‍රමවේදය සම්බන්ධයෙන් දැනුවත් කිරීමක් ඉදිරියේදී සිදුකිරීමට නියමිතය.

එසේම සිසුන්  අතර  දුරස්ථභාවය ආරක්ෂා කරන ආකාරයට  පංති කාමරය සකස් කිරීමටත් කටයුතු කරන බවත්  පාසල තුළ ළමයින්ගේ සෙඛ්‍ය පිළිබඳ ගැටලු අධ්‍යනය කරන්නටත් කණ්ඩායමක් පත් කරන බවත් වැඩිදුරටත් වාර්තා වෙයි.

පාසල් විවෘත කිරීමේ පළමු අදියර හෙට (27) සිට 11, 12 සහ 13 ශ්‍රේණිවල දරුවන්ගේ අධ්‍යයන කටයුතු සෞඛ්‍ය ක‍්‍රමවේදයන්ට යටත්ව ආරම්භ කෙරෙන බවත් අධ්‍යාපන අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *