27 April 2024
#දේශීය

කොවිඩ් අස්සේ යතුරු පැදිය උස්සපු කොස්තාපල් මාට්ටු

නිරෝධායන නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගනු ලැබූ යතුරුපැදියක් සොරාගත් බවට සැකපිට පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගෙන ඇති පොලිස් කොස්තාපල්වරයා  පාදුක්ක පොලිසියට අනුයුකත්ව සේවය කළ අයෙක් බව වාර්තා වෙයි.

මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ පේරාදෙණිය පොලිසිය විසින් වන අතර  සොරාගත් බව කියන යතුරුපැදියද සැකකාර පොලිස් කොස්තාපල්වරයාගේ පේරාදෙණියේ පිහිටි නිවසේ තිබී සොයා ගෙන තිබෙන බවත් වාර්තා වෙයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *