27 April 2024
#දේශීය

කොළඹ කොමර්ෂල් පොහොර සමාගමේ නව සභාපති ලෙස මෙත්සිරි විජේගුණවර්ධන මහතා පත්කරයි

කොළඹ කොමර්ෂල් පොහොර සමාගමේ නව සභාපති ලෙස මෙත්සිරි විජේගුණවර්ධන මහතා පත්කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි. ඊට අදාළ පත්වීම් ලිපිය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා අතින් ලබා දී තිබේ.

මෙත්සිරි විජේගුණවර්ධන මහතා පශ්චාත් උපාධිධාරියෙක් වන අතර එක්සත් රාජධානියේ වරලත් කලමනාකරණ ආයතනයේ සාමාජිකයෙකි. ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ හිටපු ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂවරයෙකු වන විජේගුණවර්ධන මහතා එහි වැඩබලන සභාපතිවරයෙකු වශයෙන් වසර 9ක් කටයුතු කර තිබේ.

කොමර්ෂල් පොහොර සමාගමේ මුදල් හා වාණිජ කටයුතු භාර ප්‍රධානියා ලෙස 1980 වසරේ සිට 1990 වසර දක්වා සේවය කර ඇති අතර පෞද්ගලික පොහොර සමාගමේ සාමාන්‍යාධිකාරි වශයෙන් ද සේවය ලබා දී ඇත. බ්‍රිතාන්‍යයේ ජාත්‍යන්තර පොහොර සංගමයේ සාමාජිකයෙකු වශයෙන් වසර 9ක පළපුරුද්දක් සහිත මෙත්සිරි විජේගුණවර්ධන මහතා ඇමරිකාව, පිනිලන්තය, අප්‍රිකාව ආදි රටවල පොහොර සම්බන්ධ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ රාශියකට සහභාගී වී ඇත.

 

දිලිනි සමන්මලි 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *