27 April 2024
#දේශීය

හිරේදී රන්ජන් පෙනුම වෙනස් කරලා – හරින්

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ඔහුගේ පෙනුම වෙනස් කර ඇති බව හිටපු අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පවසයි.

ඒ මහතා අද (16) රන්ජන් රාමනායක මහතා බැලීම සඳහා බන්ධනාගාරයට ගොස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ රන්ජන් රාමනායක මහතා සිය කොණ්ඩය කපා පෙනුම වෙනස් කර ඇති බවයි.

ඔහු ඉතා හොඳින් සිටින බවත් කිසිම අසනීප තත්ත්වයක් නොමැති බව හෙතෙම පැවසිය.

එසේම ඔහු රෝහල් ගත වීමේ අවශ්‍යතාවයක් නොමැති බව ප්‍රනාන්දු මහතා මාධ්‍ය වෙත අවධාරණය කරමින් කියා සිටියේය.

 

 

දිලිනි සමන්මලි 

Leave a comment

Your email address will not be published. Required fields are marked *