27 April 2024
#සංවර්ධන

ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය ගම්මානවල ජනපතිගේ නිරීක්ෂණයට

දිළිදුකම පිටුදැකීම සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පෙන්වීමෙන් ජනාධිපති කාර්යාලයේ ප්‍රමුඛ ව්‍යාපෘතියක් ලෙස දීප ව්‍යාප්තව ක්‍රියාවට නංවා තිඛෙන ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය ක්‍රියාත්මකවන අනුරාධපුර, පළුගස්වැව, ආසිරිගම ගම්මානයේ ද ජනාධිපතිවරයා අද (20) නිරික්ෂණ චාරිකාවක නිරත විය.

එම ජනතාව විසින් ජනාධිපතිවරයා මහත් ගෞරවයෙන් යුතුව පිළිගත් අතර ඉතා අඩු පහසුකම් සහිත සහ අඩුආදායම්ලාභී ජනතාවක් ජීවත්වන එම ගම්මානය තුළ ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය කි්‍රයාත්මක වන ආකාරය පිළිබදව ජනාධිපතිවරයා එහිදී විමසා බැලීය.

අනතුරුව ජනාධිපතිවරයා ආසිරිගම ඉසිපතනාරාම විහාරස්ථානයේ දී ග්‍රාමශක්ති නියෝජිතයන් සහ ප්‍රදේශයේ ජනතාව සමග හමුවකට එක් විය.

ප්‍රදේශයේ පෙරපාසල් දෙකක් සංවර්ධනය සදහා සහ සේවා පියස ඉදිකිරීම වෙනුවෙන් ප්‍රතිපාදන ලබාදීම පථගස්වැව, ආසිරිගම ගම්මානයේ ග්‍රමශක්ති සමිතිය සදහා ප්‍රතිපාදන ලබාදීම සිදුවූයේ ද ජනාධිපතිවරයා අතිනි.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *