27 April 2024
#දේශීය

අතුරු සම්මත අයවැය අද පාර්ලිමේන්තුවට

නව රජයේ අතුරු සම්මත ගිණුම අද(21) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර එය ඉදිරි මාස 04 සඳහා වු රජයේ වියදම් සම්බන්ධව ඉදිරිපත් කෙරුණු ඇත.

එම අතුරු සම්මත ගිණුම ඊයේ(20) කැබිනට් අනුමැතිය හිමි විය.

ලබන වසරේ පළමු මාස 04 සදහා රජයේ වියදම් වෙනුවෙන් රුපියල් බිලියන 1765ක් වෙන් කර ඇති අතර ඉන් රුපියල් බිලියන 970ක් ණය සේවාකරණය හෙවත් පොලී සහ වාරික ගෙවීම වෙනුවෙන් වෙන් කර තිබේ. එය සමස්ථ මුදලින් ප්‍රතිශතයක් ලෙස සියයට 55ක් පමණ වෙයි.

“ගම්පෙරලිය” , “ව්‍යවසායකත්ව ශ්‍රි ලංකා” සහ “ එක් ගමකට එක් වැඩක්” යන ව්‍යාපෘති සඳහා මෙමඟින් මුදල් වෙන් කර ඇති බව වාර්තා වෙයි.

මීට අමතරව ජනවාරි මාසයේ සිට රාජ්‍ය සේවයේ වැටුප් සහ පඩි ගෙවීම , පොහොර සහනාධාරය, සමෘද්ධි සහනාධාරය , පාසල් නිළ ඇඳුම් ලබාදීම ඇතුළු සුබසාධන කටයුතු සඳහා මුදල් වෙන් කර තිබේ.

එම අතුරු සම්මත ගිණුම මගින් පුනරාවර්තන වියදම් සඳහා රුපියල්බිලියන 480ක් ද, ප්‍රාග්ධන වියදම් සඳහා රුපියල් බිලියන 310ක් ද වෙන් කර ඇති බවයි මුදල් අමාත්‍යංශය සඳහන් කළේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *