27 April 2024
#සංවර්ධන

ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කරන බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා කියයි

ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කොට දුප්පත්කම තුරන් කර එක්සත් ජාතීන්ගේ සංවර්ධන ඉලක්ක සපුරාලීම රජයේ අරමුණ බව ප්‍රජා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ වැලිසර පැවති කාන්තා සමිති නියෝජිතයින් පිරිසක් සමග සාකච්ජාවකට සහභාගි වෙමිනි.

දුප්පතකම තුරන් කර ග්‍රාමීය ප්‍රජාව සවිබල ගැන්වීම සදහා ග්‍රාම ශක්ති වැඩසටහන යටතේ රුපියල් මිලියන 600 ක මුදලක් වෙන් කර ඇති බවත් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී නව මුහුණුවරකින් සහ ජනතාවට පහසු ආකාරයෙන් ක්‍රියාත්මක කිරීමට නියමිත බව හෙතෙම පැවසීය.

පවුල් ඒකකයේ අවශ්‍යතා දිනෙන් දින වර්ධනය වන අතර ලබන ආදායම නිසි කලමණාකරණයකින් යුතුව වියදම් කළ යුතු අතර නව ආදායම් උත්පාදනය සදහා පවුල් ඒකකය ශක්තිමත් කිරීමට කාන්තාව සවි බල ගැන්වීමට කටයුතු කළ යුතු බව ඔහු අනාවරණ කළේය.

එසේම රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ ඇතැම් පිරිස් නිසි මග පෙන්වීමක්, අවබෝධයක් නොමැතිව විවිධ ස්වයං රැකියා පාඨමාලා වලට යොමුවන අතර එවැනි අවස්ථා වලදී සිය කර්මාන්ත අසාර්ථක වන අතර එය වලක්වා ගනිමින් නිසි මග පෙන්වීම, අමුද්‍රව්‍ය සහ වෙළදපොළ සපයාගත හැකි ස්වයං රැකියා කෙරෙහි යොමු කරවීමට කටයුතු යොදා ඇති බවයි.

 

 

දිලිනි සමන්මලි 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *