27 April 2024
#දේශීය

ගාමිණී සෙනරත්ගේ නඩුවට පුජිතට පි.බීට සිතාසි නිකුත් කරයි

හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා ගොනුකර තිබෙන නඩුවට අදාළව විත්තිය වෙනුවෙන් සාක්ෂි දීම සඳහා පොලිස්පති පූජිත් ජයසුන්දර, හිටපු භාණ්ඩාගාර ලේකම් පී. බී. ජයසුන්දර සහ දූෂණ මර්දන කමිටුවේ අධ්‍යක්ෂක යන මහත්වරුන්ට එළඹෙන 13වනදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා අද (06) කොළඹ ත්‍රී පුද්ගල විශේෂ මහාධිකරණය සිතාසි නිකුත් කර තිබේ.

2014 වසරේ පෙබරවාරි මස 01 වනදා 2015 වසරේ ජනවාරි මස 19 දක්වා කාලසීමාව තුළ ලිට්රෝ ගෑස් සමාගමට රුපියල් මිලියන 500ක මුදලක් කැන්විල් හෝල්ඩිං සමාගම හරහා හෙලන්කෝ හොටෙල් ඇන්ඩ් ස්පා සමාගමේ ආයෝජනය කිරීම තුළින් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් ගාමිණී සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව මුලින්ම නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර තිබුණී.

Leave a comment

Your email address will not be published. Required fields are marked *