27 April 2024
#දේශීය

මාධ්‍ය කලින් වගකිව යුතු අයට කියන්න – අසාද් සාලිගේ ප්‍රකාශයට ඇමැති තලතා කියයි

බස්නාහිර පළාත් බස්නාහිර පළාත්ආණ්ඩුකාර අසාද් සාලී මහතා විසින් මාධ්‍යට ප්‍රකාශ කිරීමට පෙර වගකිව යුත්තන් දැනුවත් කළ යුතුව තිබූ බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එම නිවේදනයේ සඳහන් වන්නේ බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාත් සාලී මහතා විසින් විනිශ්චයකාරවරුන් කිහිප දෙනෙක් ත්‍රස්තවාදීන් සමඟ සම්බන්ධ යැයි පසුගියදා මාධ්‍ය හරහා කළ ප්‍රකාශයට පිළිතුරු ලබා දෙමින්. ආණ්ඩුකාරවරයා එවැනි ප්‍රකාශයක් කිරීම සම්බන්ධයෙන් කණගාටු වන බවත් මාධ්‍යට ප්‍රකාශ කිරීමට පෙර වගකිව යුත්තන් දැනුවත් කළ යුතුව තිබු බව අමාත්‍ය අතුකෝරළ මහත්මිය පැවසිය. එම ප්‍රකාශය සම්බන්ධයෙන් විනිශ්චයකාරවරයෙක්ගේ සිත් තැවුලකට පත් වුණා නම් කණගාටුව ප්‍රකාශ කරන බව එම නිවේදනයේ සඳහන් කර තිබේ.

එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේ සඳහන් කර තිබේ ” ඒ ගැන මම මේ වෙලාවේ ඉල්ලීමක් කරනවා , මාධ්‍ය හරහා එවන් සිද්ධියක් සම්බන්ධයෙන් මොනම විනිශ්චයකාරවරයෙක් හරි කටයුතු කරලා තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් ගරු අග්‍රවින්ශ්චවකාරතුමාවත් විෂය භාර ඇමතිවරිය හැටියට මාවත් දැනුවත් කළා නම් ඒ අනුව අපිට ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී අවශ්‍ය පරීක්ෂණ කටයුතු ආරම්භ කරලා අවශ්‍ය කටයුතු කරන්නට පුළුවන් කමක් ඇති වෙනවා.
මගේ විශ්වාසයේ හැටියට නම් එහෙම කිසිම විනිශ්චයකාරවරයෙක් සම්බන්ධව මේ වන තෙක් අපිට කරුණු අනාවරණය වෙලත් නැහැ.ඒ වගේම මම ඇත්තටම මේ සම්බන්ධයෙන් සිත් තැවුලකට අපේ ගරු විනිශ්චයකාරතුමන්ලා පත් වෙලා ඉන්නවා නම් මගේ කණගාටුව ඒ අයට ප්‍රකාශ කරනවා.මෙවැනි ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් මගේ කණගාටුව ප්‍රකාශ කරනවා , මෙවැනි ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් . හැබැයි මේ තත්වය රටේ පවතින ආරක්ෂක තත්වය සම්බන්ධයෙන් විශේෂයෙන්ම මොනම තත්වයක හෝ තරාතිරමක කෙනෙක් සම්බන්ධ වෙලා තියෙනවා නම් දේශපාලන භේදයකින් තොරව තනතුරු සම්බන්ධයෙන් කටයුතු කිරීමකින් තොරව අවශ්‍ය උපරිම කටයුතු කරන්න අපි ඕනෑම වෙලාවක සුදානම් කියන එකත් මේ අවස්ථාවේ දැනුවත් කරනවා.

 

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *