ගාල්ල, දෙවට වෙරළ තීරයේ අනවසරයෙන් ඉදිකර තිබූ මාළු වෙළඳසැල් ඉවත් කිරීම වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (10) පෙරවරුවේ සිදු කරනු ලැබ තිබේ. නගර සභාවේ බලධාරීන් විසින් මීට පෙර ලබා දුන් මෙම ස්ථානවල වෙළඳාම් කළ තම වෙළඳසැල්, කිසිදු පෙර දැනුම්දීමකින් තොරව හදිසියේ පැමිණ ඉවත් කිරීමට එරෙහිව වෙළෙඳුන් දැඩි අප්රසාදය හා විරෝධය පළ කර ඇත.
කෙසේ වෙතත්, අදාළ අනවසර ඉදිකිරීම් ඉවත් කරගන්නා ලෙස වෙළෙඳුන්ට මීට පෙර නිසි ලෙස දැනුම් දී තිබූ බව වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පෙන්වා දී තිබේ. මෙම ඉවත් කිරීමේ කටයුතු සඳහා පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ (STF) ආරක්ෂාවද ලබා දී ඇත.
















