චීනයේ විදුලි වාහන (EV) වෙළෙඳපොළ භාවිතය ඉදිරි වසර කිහිපය තුළ තවදුරටත් වර්ධනය වෙමින් 2030 වසර වන විට සියයට 75ත් 80ත් අතර ප්රමාණයක් දක්වා ඉහළ යනු ඇතැයි චීන රාජ්ය තෙල් සමාගමක් වන ‘සිනොපෙක්’ (Sinopec) හි ආර්ථික හා සංවර්ධන පර්යේෂණ ආයතනයේ උප සභාපති ෆෙයරි වැන්ග් (Fairy Wang) ප්රකාශ කර තිබේ.
සිංගප්පූරුවේ පැවැති APPEC සමුළුව අමතමින් ඇය පෙන්වා දුන්නේ, විදුලි වාහන සංඛ්යාව මෙලෙස වේගයෙන් ඉහළ යාම හේතුවෙන් ලොව විශාලතම බොරතෙල් ආනයනකරුවා වන චීනයේ තෙල් ඉල්ලුම සැලකිය යුතු ලෙස පහත වැටෙන බවයි. මේ වසර වන විට විදුලි වාහන භාවිතය නිසා චීනය තුළ දිනකට තෙල් ඉල්ලුම බරල් මිලියන 1.2කින් පමණ (මෙට්රික් ටොන් මිලියන 56කින්) අඩුවනු ඇතැයි ගණන් බලා ඇත. 2020 වසරේදී 5%ක්ව පැවැති චීනයේ විදුලි වාහන භාවිතය පසුගිය ජූලි මාසය වන විට 65% දක්වා ඉහළ ගොස් ඇති අතර, ඒ සඳහා රජයේ සහන මෙන්ම දැනට රට පුරා ක්රියාත්මක වන මිලියන 23කට අධික චාජින් ස්ටේෂන් (Charging stations) ජාලය ප්රධාන වශයෙන් බලපා ඇති බව ද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්
















