27 April 2024
#දේශීය

ගෑස් මගඩිය රජයේ නොහැකියාවේ ප්‍රතිඵලයක් – විපක්ෂ නායක

රටේ තිබෙන්නේ පාරිභෝගික සේවා අධිකාරිය ද, එහෙමත් නැත්නම් සමාගම් සේවා අධිකාරිය දැයි යන ප්‍රශ්නය මතුව ඇති බවත් පාරිභෝගිකයා රැක ගන්නට තිබෙන ආයතනය සමාගම් රැකගැනීමේ තැනට පත්ව ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ සසුනට අරුණ සංකල්පය හරහා අම්බලන්තොට උඩබැරගම පුණ්‍යවර්ධනාරාමස්ථ ශ්‍රී ඛේමානන්ද දහම් පාසලේ ඉදිකරනු ලැබූ දහම්පාසැල් ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට අද (08) එක්වෙමිනි.

පාරිභෝගික සේවා කටයුතු අමාත්‍යවරයා සමාගම් සේවා කටයුතු අමාත්‍යවරයා බවට පත්ව ඇති බව පැවසූ විපක්ෂ නායකවරයා මුළු ආණ්ඩුවම එකතුවී රටේ ජනතාව අන්දවමින් සිටින බවද පැවසීය.

පසුගිය දිනවල ගෑස් ආශ්‍රිත පිපිරීම් 458 කට වැඩි ප්‍රමාණයක් සිදු වී ඇති බව පැවසූ විපක්ෂ නායකවරයා, ඒවා සාමාන්‍ය පිපිරීම බවට විෂය භාර අමාත්‍යවරයා පැවසීම හාස්‍යයක් බව හෙතෙම පැවසීය.

හම්බන්තොට ලුණුගම්වෙහෙර ප්‍රධාන සංවිධායක හා තිස්සමහාරාම සම සංවිධායක හිටපු දකුණු පළාත් සභා විපක්‍ෂ නායක තෙන්නකෝන් නිලමේ, අම්බලන්තොට සූරියවැව සංවිධායක ටී වී කේ ගාමිණී, ලුණුගම්වෙහෙටර හා හම්බන්තොට කොට්ඨාස සම්බන්ධීකරණ ලේකම් රංග රංහොටි යන මහත්වරුන් එක්ව මෙම උත්සව අවස්ථාව සංවිධානය කර තිබූණි.

තිස්සමහාරාම ප්‍රධාන සංවිධායක ලාල් චන්ද්‍ර මහතාද මේ අවස්ථාව ට එක්විය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *