27 April 2024
#දේශීය

ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි බිපින් රවාට් ජීවිතක්ෂයට (update)

හෙළිකොප්ටර් අනතුරෙන් ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි බිපින් රවාට් ජීවිතක්ෂයට පත්වී ඇති බව ඉන්දීය මාධ්‍ය තහවුරු කර තිබේ.

එම වාර්තා සඳහන් කලේ ඔහු සහ ඔහුගේ බිරිඳ ඇතුළු 13 දෙනෙකු ද එම අනතුරෙන් මියගොස් ඇති බවයි.

 

 

පෙර පුවත (2021-12-08 15:37:19 -ඉන්දිය ආරක්ෂක ප්‍රධානීන් ගමන් ගත් හෙලිකොප්ටරය කඩා වැටෙයි)

 

ඉන්දියාවේ ආරක්ෂක ප්‍රධානී ජෙනරාල් බිපින් රාවට් රැගත් හෙලිකොප්ටරයක් දකුණු තමිල්නාඩු ප්‍රාන්තයේදී කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ, අනතුරට පත් වන අවස්ථාවේ කාර්ය මණ්ඩල සාමාජිකයින් සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාගේ පවුලේ සාමාජිකයින් ද ඇතුළුව 14 දෙනෙකු එහි ගමන් කරමින් සිට ඇති බවයි.

අනතුරින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර දෙදෙනෙකු ජීවිත බේරාගෙන ඇති බව මාධ්‍ය වාර්තා කරන අතර දිවි බේරාගත් දෙදෙනා කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණය කර නොමැත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *