27 April 2024
#දේශීය

ගෑස් මිල නගින්නේ නෑ – සහතිකයක්

ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල කිසිදු ආකාරයකින් ඉහළ දැමිමක් සිදුනොකෙරෙන බව පාරිභොගික සේවා අධිකාරිය පවසයි.  

සමාජ මාධ්‍ය ඔස්සේ  ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 200කට ආසන්න මුදලකින් ඉහළ නැංවිමේ සුදානමක් පවතින බවට විවිධ ප්‍රචාර සිදුවෙමින්  සිටින බව එම අධිකාරිය පවසයි.

කෙසේ වෙතත් එලෙස මිල ඉහළ නැංවිමක් සිදු නොකෙරෙන අතර එය සම්පුර්ණයෙන්ම අසත්‍ය ප්‍රචාරයක් බවත් පැවසේ.

මේ දක්වා කිසිදු සමාගමක් ගෑස් මිල ඉහළ නංවන ලෙස ඉල්ලිමක්ද සිදුකර නොමැති බව පාරිභොගික සේවා අධිකාරිය සදහන් කළේය. 

මේ අතර ඉන්දියන් ඔයිල් සමාගම විසින් ඔක්ටෙන් 92 පෙට්‍රල්මිල ඉහළ දැමිම සමබන්ධයෙන් විවිධ පාර්ශව විසින් රජයට සිදුකරන චෝදනා පදනම් විරහිත බව විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. 

අමාත්‍යවරයා පවසන්නේ 2003 වසරේ දි අයි.ඕ. සි සමාගම සහඑවකට පැවති රජය ඉන්ධන මිල සම්බන්ධයෙන් ගිවිසුමකට එළඹ ඇති බවයි.

ඒ අනුව අයි.ඕ.සි ඉන්ධන මිල ඉහළ දැමීමට විෂය භාර අමාත්‍යංශයෙන් විමසීමක් සිදුකිරිම අවශ්‍ය නොවන බව අමාත්‍යවරයා සදහන් කර ඇත. 

එහෙත් ඔවුන් මිල ඉහළ නැංවීමක් සදහා මුදල් අමාත්‍යංශයෙන් අනුමැතියක් ලබාගත යුතුව පවතින අතර දැනට පවතින තොරතුරු අනුව ඔවුන් විසින් මුදල් අමාත්‍යංශයට ලිපියක් යොමුකර ඇති බව අමාත්‍යවරයා පැවසුවේය. 

මෙම තත්ත්වය හමුවේ අයි.ඕ.සි සමාගම විසින් සිදුකළ ඉන්ධන මිලඉහළ නැංවීම පිලිබද විදුලි බල හා බලශක්ති අමාත්‍යංශයේ කිසිදු මැදිහත් වීමක් සිදුවනොමැති බව ද අමාත්‍ය මහින්ද අමරවීර මහතා සදහන් කළේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *