27 April 2024
#දේශීය

රුපියල් 5000 මැයි දීමනාව එළඹෙන සතියේ

රුපියල් 5000 දීමනාවේ මැයි මාසයට අදාළ මුදල ඉදිරි සතිය තුළ ලබා දීමට කටයුතු කරනු ලබන සෞඛ්‍ය ඇමැතිනී පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.

පවුල් 5,071,892ක්  සඳහා රුපියල් මිලියන 25,359 ක මුදලක් මැයි මස දීමනාව ලෙස ලබාදීමට මේ වන විට කටයුතු කරමින් සිටින බවද අමාත්‍යවරිය සඳහන් කරයි.

අමාත්‍යවරිය මෙම අදහස් දක්වා සිටියේ ඊයේ (21) කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ පැවැති මාධ්‍ය හමුව අමතමින්ය.

සහනාධාර බෙදා දීමේදී වකුගඩු, ආබාධිත සහ වැඩිහිටි අයවලූන් ලෙස 797,635 ක් සඳහා  රුපියල් මිලියන 3,988ක  මුදලක් මැයි මාසය වෙනුවෙන් ලබා දීමට කටයුතු කරන බව ද අමාත්‍යවරිය එහිදී සඳහන් කල අතර සමෘද්ධි සංවර්ධන නිලධාරී ගමට පැමිණෙන දිනය පෙර දැනුම් දීමෙන් අනතුරුව තදබදය වැලැක්වීමේ අරමුණීන් එක් වරකට පවුල් 100ක් සදහා පමණක් මෙම සහනාධාරය බෙදා දීමට කටයුතු කරනු ඇතැයි ද පවසා සිටියාය.

වැඩිදුරටත් අමාත්‍යවරිය පවසන ලෙස  විශේෂයෙන්ම ලෝකයේ ආර්ථිකය අඩපන වී ඇති අවස්ථාවක ශ්‍රී ලාංකික ජනතාවගේ ජීවිත නගා සිටුවීම හා ආර්ථිකය පණ  ගැනීමට රුපියල් මිලිය 25,000කට අධික මුදලක් මෙවර මැයි මාසය සඳහා  රජය විසින් වෙන් කර ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *