27 April 2024
#දේශීය

ගිහාන් ගැන අද තීන්දුවක් ගන්න : නීතිපතිගෙන් පොලිස්පතිට දැනුම්දීමක්

ඇඹිලිපිටිය හිටපු මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය සම්බන්ධයෙන් තමන් මීට පෙර ලබාදුන් උපදෙස් අනුව ඔහු සම්බන්ධයෙන් අද (11) දිනය තුළදීම සුදුසු අධිකරණ පියවර ගන්නා ලෙස නීතිපති දප්පුලද ලිවේරා  වැඩබලන පොලිස්පතිවරයාට  දැනුම් දී තිබේ. 

අදාල දැනුම්දීම ලිඛිතව සිදුකර ඇත.

එසේම තමා දුන් උපදෙස් අනුව කටයුතු නොකිරීම පිළිබඳව තමන්ට යොමුකළ ලිපියේ සඳහන් ඇතැම් කරුණු හාස්‍යයට හේතුවන බවත් නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට යොමුකළ  ලිපියෙන් දන්වා තිබේ.

මීට පෙර නීතිපති මේ නියෝගය නිකුත්කර තිබූ අවස්ථාවේ ආණ්ඩුවේ ඇමතිවරුන්  සඳහන් කර සිටියේ අදාල කටයුත්ත ජනාධිපති නියමයෙන් අත්හිටුවීමට පියවර ගෙන ඇති බවය.

නීතිපති අද නිකුත්කල නියෝගය පහත දැක්වෙයි.

dappula 1

dappula 2

dappula 3

Leave a comment

Your email address will not be published. Required fields are marked *