27 April 2024
#දේශීය

මධ්‍යම පළාත තුල කඩිනමින් ගුරු තුලනයක් ඇති කරන බව ආණ්ඩුකාරවරයා කියයි

මධ්‍යම පළාත තුල කඩිනමින් ගුරු තුලනයක් ඇති කරන බව ආණ්ඩුකාර නීතිඥ ලලිත්යු ගමගේ මහතා පවසයි.

ආණ්ඩුකාරවරයා මේ බව පැවසුවේ මහනුවර අධ්‍යාපන කලාපයේ පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට වර්ණ ප්‍රදානය කිරීම සදහා මහනුවර ශාන්ත සිල්වෙස්තර විද්‍යාලීය ශාලාවේදී ඊයේ(11) පැවති උත්සවයකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ආණ්ඩුකාරවරයා ” මධ්‍යම පළාතේ පාසල් වලට ගුරුවරුන් 32 000 ක් අවශ්‍යයි නමුත් අපට සිටින්නේ ගුරුවරුන් 27 000 යි. ගුරුවරු 5000 ක හිගයක් අප පළාතේ තිබෙනවා. විශේෂයෙන්ම විල්ගමුව වලපනේ වැනි දුෂ්කර අධ්‍යාපන කලාප වල පාසල් වල ගුරු හිගයක් පවතිනවා. නගරබද ප්‍රදේශවල එකම පාසලේ වැඩි කාලයක් සේවය කරන ගුරුවරුන් අනෙකුත් ප්‍රදේශවලට ස්ථාන මාරුකර පළාතේ ගුරු තුලනයක් ඇති කළ යුතුයි. මෙය කඩිනමින් කළ යුතු වනවා. පළාත් අධ්‍යාපන ලේකම්වරයාගෙන් තොරතුරු ලබාගෙන මේ සදහා පියවර ගන්නවා. මධ්‍යම පළාත ක්‍රීඩා අතින් ඉහල ස්ථානයක පසුවනවා සේවා අධ්‍යාපනය අතින්ද ඉහල ස්ථානයක පසුවිය යුතුයි. මේ සදහා නිලධාරීන් විදුහල්පතිවරුන් මෙන්ම ගුරුවරුන්ද කැපවිය යුතුයි. දැනට ඔවුන් කරන කැපකිරීම මා ඉතාමත් අගය කරනවා” යැයි ආණ්ඩුකාර නීතිඥ ලලිත්යු ගමගේ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

 

 

දිලිනි සමන්මලි 

Leave a comment

Your email address will not be published. Required fields are marked *