27 April 2024
#දේශීය

ගිහාන් හරි : පොලිස්පති දප්පුලට දන්වයි !

 රංජන් රාමනායක මන්ත්‍රීවරයා  විසින් තමන්⁣ට තර්ජන කළ බවට විනිසුරු ගිහාන් පිලපිටිය 2015 – 2016 සමයේ එවක පොලිස්පති ඉලංගකෝන් වෙත පැමිණිලි කර ඇති බවත් ඒ අනුව ඔහුගේ ආරක්ෂාව ද දැඩි කළ බවත් පොලිස්පතිවරයා නීතිපතිවරයා වෙත දන්වා ඇත.

ඒ ලිඛිත දැනුම්දීමක් අනූව වන අතර  ගිහාන් පිලපිටිය, රන්ජන් මන්ත්‍රීවරයාගේ  දුරකතන ඇමතුම්වලට ප්‍රතිචාර දක්වා ඇත්තේ  පරීක්ෂණ කණ්ඩායම්වලින් ලැබුණ උපදෙස් පරිදි බවද එම ලිපියේ දක්වා ඇත.

මේ අනුව අදාළ පැමිණිල්ල සම්බන්ධව පොලිසිය සාක්ෂිකරුවන් අට දෙනෙකුගෙන් පමණ සාක්ෂි සටහන් කරගෙන ඇති අතර පරීක්ෂණ කටයුතු ඉදිරියට ද ක්‍රියාත්මක වන බව එම ලිපිය මගින් වැඩි දුරටත් දන්වා තිබේ.

 පොලිස්පති නීතිපතිට යැවූ ලිපිය !

Gihan Pilpitiya latter

පොලිස්පති මේ ලිපිය නීතිපති වෙත යොමුකර ඇත්තේ දිගින් දිගටම ගිහාන් පිලපිටිය අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපති සිදුකරන දැනුම්දීම් වෙත ප්‍රතිචාර දක්වමින්ය.

අද (11) දිනයේදී ද නීතිපති දප්පුල ලිවේරා විසින් ගිහාන් පිලපිටිය සම්බන්ධව තම නීතිපති දෙපාර්තමේන්තුව නිකුත්කර ඇති උපදෙස් අනූව කටයුතු කරන ලෙස දන්වා තිබිණ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *