27 April 2024
#සංවර්ධන

ගොවියාට සාධාරණ වෙන්න ඕන – අමාත්‍ය පී. හැරිසන් කියයි

සේනා දළඹු ව්‍යවසනයෙන් පීඩාවට පත් ගොවීන්ට යම් හේතුවකින් වන්දි නොලැබ අසාධාරණයක් වුවහොත් ඔවුන්ට අභියාචනා ඉදිරිපත් කළ හැකි යැයි කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ මහවැලි පශු සම්පත් ව්‍යවසාය සමාගම හා සීමාසහිත කුකුළු සංවර්ධන සමාගමෙහි අධ්‍යක්ෂ මණ්ඩලයේ නව නිලධාරීන්ට පත්වීම් ප්‍රදානයට එක්වෙමින්.

මෙහිදී වැඩිදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා ” ගොවි ජනතාව නියෝජනය කරන ප්‍රදේශයක නියෝජිතයෙක් හැටියට මම කියන්නේ මේ වී මිලේ වැඩිවීමක් විය යුතුයි.මොකද කන්න කිහිපයකින් මිල වැඩිවෙලා නැහැ.හැබැයි අපිට මේකට හරි ක්‍රමවේදයක් තිබ්බේ නෑ.වැඩි මිලට වී ගත්තොත් වී මෝල් හිමියෝ කියනවා හාල් මිල වැඩි කරන්න කියලා.එතකොට පාරිභෝගික ජනතාවට විශාල මුදලක් වැය කරන්න වෙනවා.මේකට අපි ක්‍රමවේදයක් හදනවා.වී කිලෝ එකක් රු.38ට ගන්නකොට හාල් කිලෝ එකක උපරිම මිල රු.80යි.අපි වෙළඳ හිමියෝ,ගොවි මහත්වරු,අපේ පර්යේෂණ අංශ එක්ක සාකච්ඡා කරලා තමයි මේ ක්‍රමවේදය හැදුවේ.හමවෙලේම වී මිලේ වැඩිවීම වෙනකොට 2.1කින් හාල් මිල වැඩි වෙන්න ඕනේ.

ඊළඟ යල කන්නයේ ඉදන් හරි වී මිලේ වැඩිවීමක් වෙන්න ඕනේ.ගොවියාට සාධාරණ වෙන්න ඕන.මේ ක්‍රමවේදයට ගියොත් කන්නයෙන් කන්නයට හරි අවුරුද්දෙන් අවුරුද්දට වී මිල වැඩි කරන්න පුළුවන්.එතකොට ගොවියාටත් ඒ වාසිය ලැබෙනවා.පාරිභෝගිකයාටත් ලැබෙනවා.අවුරුදු ගණනාවක් කතා කළත් හරි ක්‍රමවේදයක් හදා ගන්න බැරිවුණා.මේ වතාවේ ගොවි සංවිධාන ඒ වගේම වී මෝල් හිමියන් ව්‍යාපාරිකයෝ සියලුදෙනා සාකච්ඡා කරලා දින ගණනාවක් මේ ක්‍රමවේදය හැදුවා.ඒ නිසා අනාගතයේ ගොවීන්ට ප්‍රශ්නයක් නෑ. යැයි අමාත්‍යවරයා පැවසිය.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *