27 April 2024
#දේශීය

ගෝඨාගේ රැළියට ජනතාවගේ කර පිටින් ආ වසන්ත සේනානායක

විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය පළ කරමින් අද (08) පොළොන්නරුවේ පැවැත්වෙන ජන රැළියට සහභාගී වී ඇත.

එහිදී ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ජනතාව අමතමින් සිටි අවස්ථාවේ වසන්ත සේනානායක මහතා ජනතාවගේ කර මතින් පැමිණ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වේදිකාවට ගොඩවී ගෝඨාභය රාජපක්ෂ මහතාට සිය සහය පල කළේය.

වසන්ත සේනානායක මහතා එහිදී ජනතාව අමතමින් කියා සිටියේ තමා දිගයක් කරන්න කැමැත්තෙන් සිටින බවත් එය පොහොට්ටුව සමඟ බවයි. ඔහු කියා සිටියේ එක්සත් ජාතික පක්ෂයේ තරුණ පිරිස් තමා එක්කරගෙන පොදු ජන පෙරමුණට සහාය දැක්වීමට පැමිණි බවයි.

 

දිලිනි සමන්මලි 

Leave a comment

Your email address will not be published. Required fields are marked *