27 April 2024
#දේශීය

ගෝඨාට ජනපතිකම අරන් දුන්නාට තනියම කරන්න බෑ – රාජ්‍ය ඇමැති දුමින්ද

ගෝඨාභය මහත්තයාට ජනාධිපතිකම අරන් දුන්නට, මේක තනියම කරන්න බැරි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක, තරුණ කටයුතු රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ, අනුරාධපුර කළාවැව මැතිවරණ බල ප්‍රදේශයේ තඹුත්තේගම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ ප්‍රාදේශීය බල මණ්ඩලය අමතමින්ය.

එහිදී අදහස් දැක්වූ අමාත්‍ය දුමින්ද දිසානායක මහතා,”

අපි ගෝඨාභය මහත්තයාව ශක්තිමත් කරලා, ගෝඨාභය මහත්තයාට ජනාධිපතිකම අරන් දුන්නට, එතුමාට මේක තනියම කරන්න බෑ කියන එක පෙනුනා නේද, අවසන් පාර්ලිමේන්තු දවසේ, අපිත් ගිහින් බලන් හිටියා ඡන්දයක් ඉල්ලුවා නම් ආණ්ඩුව පැත්තට අත උස්සන්න.හැබැයි අත ඉස්සුවත් පරාදයි.අපිට අවශ්‍යය කරන 113 පාර්ලිමේන්තුව තුළ නෑ, අපි මේ රටේ කොච්චර හොඳ දේවල් කථා කළත්, ඒක මහ පො‍ළවේ යථාර්තයක් බවට පත් කරන්න නම් පාර්ලිමේන්තුව ශක්තිමත් පාර්ලිමේන්තුවක් බවට පත් කරන්න ඕන.එහෙම නම් අපි හදමු ශක්තිමත් පාර්ලිමේන්තුවක්.

අද ගමේ වෙනදා තිබුණ භේදය නැති වෙලා තියෙනවා.පහුගිය මැතිවරණ වලදී අපේම මහ ගෙදර කට්ටිය තවත් අලුත් ගෙදරක් හදා ගත්තා.මම නම් හැමදාම කියන්නේ කොච්චර අලුත් ගෙවල් තිබුණත්, කොච්චර නවාතැන්පලවල් තිබුණත් අපිට අපේ මහ ගෙදර අමතක කරන්න බෑ,අපිට අපේ ආරම්භය අමතක කරන්න බෑ.එහෙම නම් අපි අද හැමෝම නැවතත් මහ ගෙදර සාමාජිකයෝ බවට පත් වෙලා තියෙනවා.අපිට වෙනත් වෙනත් ගෙවල් තියෙන්න පුළුවන්, වෙනත් වෙනත් තැන් වල අපි නවාතැන් අරගෙන හිටියා වෙන්න පුළුවන්, හැබැයි අද අපි නැවත වතාවක් රට වෙනුවෙන් අපි මහ ගෙදරත් එක්ක අත්වැල් බැඳගෙන ඒ සියලු කඳවුරු ඒකරාශී කරගෙන රට වෙනස් කරන්න ඒ හැමෝම අත්වැල් බැඳගෙන තියෙනවා.අද හැමෝම එකම කඳවුරක්, එකම පවුලක් බවට නැවත වතාවක් පත් වෙලා තියෙනවා.ආයේ පාරක් අපි එකට එකතු වුණා, අත්වැල් බැඳ ගත්තා, නැවත වතාවක් ඒ මහ ගෙදර ශක්තිමත් කළා කියන එක තමයි අද අපිට මේ වේදිකාවේ ඉඳන් පල්ලෙහා බලන කොට පේන්න තියෙන්නේ. ගම් වලට ගියහම එක්සත් ජාතික පාක්ෂිකයොත් අපිත් එක්ක අත්වැල් බැඳ ගන්නවා. මොකද ඒ අය දන්නවා එහා පැත්තේ ආයේ ගමනක් නෑ කියලා, මම දේශපාලන පක්ෂ විවේචනය කරන්නේ නෑ, හැබැයි ඇත්ත කථාව නම් මේ වෙලාවේ රට හදන කණ්ඩායම අපිට විරුද්ධයි නම් අපිට හොඳක් දකින්න පුළුවන්කමක් නෑ,අපි ඉන්නේ හරි කඳවුරේ නම්, හරි කණ්ඩායමේ නම් අපි ඒ අයට නැවත නැවතත් කියනවා තාමත් වැරදි කඳවුරක ඉන්නවා නම් තාමත් නොගැලපෙන කඳවුරේ ඉන්නවා නම් අපි ඒ සියලු දෙනාටම ආරාධනා කරනවා අපිත් එක්ක අත්වැල් බැඳගන්න කියලා යැයි පැවසීය.

 

තිසර – අනුරාධපුර 

Leave a comment

Your email address will not be published. Required fields are marked *