27 April 2024
#දේශීය

වැලන්ටයින් දවසේ ඡන්දයක් – රාජ්‍ය අමාත්‍ය දුමින්ද

යොවුන් පාර්ලිමේන්තු මැතිවරණය මෙවර පෙබරවාරි 14 වනදා දින පෙරවරු 8 සිට 4 දක්වා පැවැත්වෙන බව තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (29) පෙරවරුවේ සිය අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින්.

එහිදී රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ පෙබරවාරි 14 දින ආදරවන්තයින්ගේ දිනය නම් කෙරුණද එදිනට මෙරට තරුණ තරුණයින්ට යහපත් දෙයක් කරන්න අවස්ථාව උදා වී ඇති බවයි. එය ප්‍රයෝජනයට ගන්නා ලෙසත් යොවුන් පාර්ලිමේන්තු මැතිවරණයට තරුණ නායකයින් පිරිසක් බිහි කරන්න අවස්ථාව එදිනට උදා වී ඇති බව හෙතෙම පැවසිය.

එසේම මෙවර දිවයිනේ සියලු යෞවන සමාජ සමාජික සමාජිකාවන්ට පමණක් සිමා වී තිබු යොවුන් පාර්ලිමේන්තු මැතිවරණයට ජන්ද ප්‍රකාශ කිරීමේ බලය දිවයිනේ වයස අවුරුදු 18 ත් 29 අතර සිටින ඕනෑම තරුණ, තරුණියෙකුට ඡන්දය ප්‍රකාශ කිරීමෙ හැකියාව ලබා දීමට කටයුතු කරන බව ද දිසානායක මහතා කියා සිටියේය.

මෙරව ඡන්දය ප්‍රකාශ කිරීම තාක්ෂණීක ක්‍රමයක් යටතේ සිදු කිරීමට සැලසුම් කර ඇති බව හෙතෙම පැවසිය.

මෙවර තරුණ පාර්ලිමේන්තු මැතිවරණය යෞවන සමාජවල තරුණ තරුණියන්ට සීමා වූ මැතිවරණයක් නොවන අතර ලංකාවේ සිටින වයස අවු 18ත් 29ත් අතර සියලු තරුණ තරුණියන්ට ඉලෙක්ට්‍රොනික මාධ්‍ය භාවිතයෙන් ඡන්දය භාවිතා කිරීමට අවස්ථාව උදා වේ. මැතිවරණය සඳහා ඡන්ද අපේක්ෂකයින් ලියාපදිංචිය පෙබ. 07 සහ 08 යන දිනයන්හි දිස්ත්‍රික් ලේකම් කාර්යාල වලදී සිදු කිරීමට නියමිත බවත්, ඒ සඳහා සුදුසුකම් ලෙස,

· ශ්‍රී ලාංකික පුරවැසියෙක් විය යුතුයි.

· වයස අවු 18ත් 27ත් අතර මනා සෞඛ්‍ය තත්වයකින් හෙබි අයෙකු විය යුතුය.

· 2001.12.31 හෝ ඊට පෙර, 1992.12.31 හෝ ඊට පසු උපත ලද්දෙක් විය යුතුයි.

· අ.පො.ස. සා.පෙළ විභාගයෙන් අවම වශයෙන් විෂයන් 6ක් සමත් විය යුතුයි.

· සාපරාධී ක්‍රියා සම්බන්ධයෙන් අධිකරණයෙන් වරදකරුවෙකු හෝ නම් කළ අයෙකු නොවිය යුතුය.

· අදාළ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාෂය තුළ වසර 03ක පදිංචි කාලයක් සම්පූර්ණ කරමින් එය ග්‍රාමසේවා නිලධාරියෙකු සහතික කළ යුතුය.

· පදිංචි ප්‍රදේශයේ පොලිස් ස්ථානය වෙතින් මනා හැසිරීමකින් යුතු අයෙකු බවට පොලිස් සහතිකය ඉදිරිපත් කළ යුතුය.

· පාර්ලිමේන්තුව පැවැත්වෙන කාල සීමාව තුළදී පාර්ලිමේන්තු සැසි වාර සඳහා අඛණ්ඩව සම්බන්ධ වීමට හැකියාව තිබිය යුතුය.

· ඔ්නෑම ආගමික නිකායක පැවිදි පූජකයෙකු වන කිසිදු අයෙකුට මේ සඳහා අයදුම් කළ නොහැක.

· අපේක්ෂකයාගේ මව, පියා හෝ සහෝදර සහෝදරයින් කිසියම් දේශපාලන පක්ෂයක් නියෝජනය කරමින් මහජන නියෝජිතයෙත් ලෙස කටයුතු කරන්නේ නම් තරුණ පාර්ලිමේන්තුව සඳහා නාම යෝජනා ඉදිරිපත් කල නොහැක.

· පෙර තරුණ පාර්ලිමේන්තුව නියෝජනය කර තිබෙන කිසිදු තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට මේ සඳහා ඉල්ලුම් කළ නොහැක.

 

මෙම අවස්ථාවට එක් වු ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ ජනරාල් තෙෂර ජයසිංහ මහතා කියා සිටියේ මෙවර යොවුන් පාර්ලිමේන්තුවට ජනතාව සම්බන්ධයෙන් සංවේදි නායකයින් බිහි කිරීමට කටයුතු කල යුතු බවයි. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ජාතික තරුණ සේවා සභාව මගීන් දැන ගැනීමට හැකියාව තිබෙන බව ද ඔහු කියා සිටියේය.

 

දිලිනි සමන්මලි 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *