27 April 2024
#දේශීය

ගෞරවය රැකගන්න මහින්ද වටා එක් වන්න – අනුර ප්‍රියදර්ශන කියයි  

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට ඉතිරිව ඇති පාක්ෂිකයින් රැකගැනීම සඳහා මේ අවස්ථාවේ ගත හැකි ගෞරවාන්විතම ක්‍රියාමාර්ගය වන්නේ මහින්ද රාජපක්ෂ නායකත්වය වටා එක් රොක් වීම බව පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ අද (02) පෙරවරුවේ කොළඹ නෙලුම් මාවතේ පිහිටි ශ්‍රි ලංකා පොදුජන පෙරමුණු ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදීය.

බිම්මට්ටමේ ඉතිරිව ඇති ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් වේගයෙන් පක්ෂය ප්‍රතික්ෂේප කරමින් සිටින අතර ගම් මට්ටම්න් නගර මට්ටමින් සහ සමස්ථ රටක් වශයෙන් පක්ෂය වේගයෙන් කඩාවැටෙමින් තිබෙන බව ඒ මහතා පෙන්වා දෙයි.

ඒ නිසා මේ අවස්ථාවේ නායකත්වයට ගතහැකි ඥානවන්තම ක්‍රියාව වන්නේ නිදහස් පාක්ෂිකයින් බලහත්කාරයෙන් වෙනත් පක්ෂවලට තල්ලු නොකොට මහින්ද රාජපක්ෂ මහතා නම් කරනු ලබන අපේක්ෂකයා දිනවීමට සහය දීම බව අනුර ප්‍රියදර්ශන යාපා මහතා අවධාරණය කලේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *