27 April 2024
#දේශීය

හේමසිරි – පුජිත අත්අඩංගුවට …? (Update)

අනිවාර්ය නිවාඩු යැවු පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. නාරහේන්පිට පොලිස් රෝහලේ අද දිනයේදී ප්‍රතිකාර ලැබීම ලබා ගොස් සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ. 

හේමසිරි ප්‍රනාන්දු අත්අඩංගුවට ….. පුජිතත් අත්අඩංගුවට …? ( පස්වරු 4.15)

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණයට අදාලව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ අද පෙනී සිටින ලෙස දැනුම්දී තිබුණි.

කෙසේ වෙතත් ඇති වූ හදිසි හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් ඒ මහතා අද උදෑසන කොළඹ ජාතික රෝහලේ හෘද විශේෂ ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කෙරුණි.

එහි ප්‍රතිකාර ලබමින් සිටියදී හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

තව ද අනිවාර්ය නිවාඩු යැවු පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා ද මේ වන විට නාරහේන්පිට පොලිස් රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඔහුගෙන්ද ප්‍රශ්ණ කිරීම් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *