27 April 2024
#දේශීය

චීනය දෙන සිව්වැනි කොවිඩ් ආධාර තොගයත් එයි

 කොවිඩ් 19 වසංගතය මැඩීමට ශ්‍රී ලංකාව ගෙනයන  වැඩපිළිවෙලට සහය ලබා දීම සඳහා චීන මහජන සමූහාණ්ඩුව විසින් ලබාදුන් සිව්වන ආධාර තොගය රැගත් ගුවන් යානය ඊයේ (15) රාති‍්‍රයේ කටුනායක ගුවන් තොටුපළ වෙත ළඟාවී ඇති බව වාර්තා වෙයි.

 චයිනා ඊස්ටන් ගුවන් සේවයට අයත් ගුවන්  යානයක් විසින් එම ආධාර තොගය ගෙනවිත් ඇති අතර ඒ අතර  ආරක්ෂිත මුඛ ආවරණ, හදිසි ප‍්‍රතිකාර සඳහා යොදා ගනු ලබන ඖෂධ සහ වෛද්‍ය උපකරණ තොගයක් වූ බව සඳහන් ය.

කිලෝග‍්‍රෑම් 9,600 ක් පමණ බරකින් යුත් එම වෛද්‍ය ආධාර තොගය ශී‍්‍ර ලංකාවේ චීන තානාපති කාර්යයාලය මගින් රජය වෙත භාර දීමට නියමිතව තිබෙන බවත් වාර්තා වෙයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *