27 April 2024
#දේශීය

ඡන්දවලට දාන්න ඕන අය ඒ වෙලාවට කියන්නම් – එජාපය

ආණ්ඩු කරන්න කටින් බැරි බවත් කකුලෙන් ඇද්දේ ජනාධිපතිවරයා බව එක්සත් ජාතික පක්ෂය පවසයි.  එම පක්ෂයේ යුක්තියේ ජනහඩ සංවිධානය කළ මාධ්‍ය හමුවක් අමතමින් නලින් බණ්ඩාර මහතා කියා සිටියේ ආණ්ඩුවේ කටයුතුවලට බාධා කර සිටියේ ජනාධිපතිවරයා බවයි.

එක්සත් ජාතික පක්ෂය කිසිවිටකත් මැතිවරණයට බිය නොමැති බවත් සියළු දෙනා මැතිවරණවලට සුදානම් බව නලින් බණ්ඩාර මහතා පැවසිය. එසේම මේ වන විට කුමන්ත්‍රණය මේ වන විට පරාජයට පත්ව ඇති බවත් එහි වරදකරුන් වශයෙන් පිලිගන්නා ලෙස ද ඒ මහතා පැවසිය. එසේම ඉදිරි මැතිවරණයේදී අවශ්‍ය වන සියළු පුද්ගලයින් තම පක්ෂය සතුව ඇති බවත් ඉදිරි මැතිවරණවලදී අදාළ අවස්ථාවලදී ඉදිරිපත් කරන බව නලින් බණ්ඩාර මහතා වැඩිදුරටත් පැවසිය. එමෙන්ම එම නම් දැන්ම ප්‍රසිද්ධ නොකරන බව ද ඔහු අනාවරන කර සිටියේය.

 

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *