27 April 2024
#දේශීය

ජනපතිව පරිස්සමින් ආශ්‍රිය කරන්න ඕන – හිරුණිකා ප්‍රේමචන්ද්‍ර කියයි

දින 50 ක චිත්‍රපටයක් පෙන්නු ජනාධිපතිවරයා ස්තුතිය පල කරන බවත් ඉදිරියේදී ජනාධිපතිවරයා ආශ්‍රිය කිරීමේදී පරිස්සමින් කල යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසයි.

ඇය මේ බව පැවසුවේ (15) අරලියගහ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින්. ඇය එහිදී කියා සිටියේ මේ ලැබුණු ජයග්‍රහණය පිළිබඳ ඉතා කල්පනාකාරි විය යුතු බවයි. මේ කාලය තුළද පුද්ගලයින්ගේ ස්වභාවය අදුනා ගත්තා බවත් ඉදිරියේදී වුවද එම පුද්ගලයින් සම්බන්ධයෙන් සැලකිල්ලෙන් කටයුතු කළ යුතු බව ඇය අවධාරණය කළේය.

මේ ජයග්‍රහණයේදී පසුපෙල මන්ත්‍රීවරුන් වශයෙන් පක්ෂය වෙනුවෙන් තමන් ඇතුළු පිරිස කටයුතු කළ බවත් මේ බල අරගලය තුළ නොබියව කටයුතු කල බව ඇය අනාවරණ කළේය. එසේම ඇය කියා සිටියේ කුමාර වෙල්ගම වැනි ජ්‍යෙෂ්ඨයින් පැවසු දේ ඇසුවානම් මෙවැනි දෙයක් මහින්ද රාජපක්ෂ හට සිදු නොවනු බවයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *