27 April 2024
#දේශීය

කාටවත් බය නොවන්න… රාජකාරිය හරියට කරන්න – මැ.කො. සභාපති කියයි

මැතිවරණ රාජකාරිවල යෙදෙන නිලධාරින්ට කිසිවෙකුටත් භය නොවී, තමා වගකිව යුත්තේ මැතිවරණ කොමිෂන් සභාවට හා අධිකරණයට පමණක් බව මැතිවරණ කොමිෂන් සභාවේ සභපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

ජනාධිපතිවරණ මැතිවරණයේ රාජකාරි සඳහා පත් කර ඇති සියළුම රාජ්‍ය නිලධාරින් වෙත මැතිවරණ කොමිෂන් සභාව විසින් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ සත්වන ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනිම සඳහා ඡන්ද විමසීම 2019 නොවැම්බර් මස 16 වනදා පැවැත්වෙන බවයි.

ඒ අනුව ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමෙ කාර්යය පිලිබඳව වගකීම, ඡන්ද විමසීම් පැවැත්වීම කාර්යක්ෂමව හා අපක්ෂපාතිව ඉටු කිරීම පිළිබඳව ගෞරවනීය ඉතිහාසයක් සතු රාජ්‍ය සේවකයන් වෙත මැතිවරණ කොමිෂන් සභාව විසින් පවරා තිබේ.

මැතිවරණ කොමිෂන් සභාවේ සභපති මහින්ද දේශප්‍රිය මහතා විසින් ජනාධිපතිවරණ මැතිවරණයේ රාජකාරි සඳහා පත් කර ඇති සියළුම රාජ්‍ය නිලධාරින් වෙත යොමු කල ලිපිය පහත පරිදි වේ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *