27 April 2024
#දේශීය

ජනතාව නොමඟ නොයවා ඇත්ත කියන්න – ඇමැති කබීර් කියයි .. !

බාල දේශපාලනයක නිරත ප්‍රතිවාදීන්ට අපි කියන්නේ ජනතාව නොමග යවන්නේ නැතිව ඇත්ත කථා කරන්න ලෙස මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ මාවනැල්ල මැතිවරණ කොට්ඨාශයේ ක්‍රියාත්මක මාර්ග සංවර්ධනය ව්‍යාපෘති කිහිපයක වැඩ ආරම්භ කිරීමේ හා ජනතා අයිතියට පත්කිරිමේ අවස්ථාවන්ට එක් වෙමින්.

විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොහොට්ටුවයි එකතුවෙලා යැයි පැවසුවාදය ඔවුන්ගේ පක්ෂයේ මතය සමාන දැයි අමාත්‍යවරයා අසා සිටියේය.

එහිදී වැඩිදුරටත් අමාත්‍යවරයා මෙසේ අදහස් පල කර සිටියේය ” විපක්ෂයේ සමහර අය රටේ ස්වෛරීත්වය ගැන කථා කරනවා. මහ ලොකුවට දේශප්‍රේමීයත්වය ගැන කථා කරනවා. එයාලාට බලය තියනකොටත් බලය නැතිවිටත්, හැසිරෙන විදිහ, කථා කරන විදිහ ගැන, මේ රටේ ජනතාව දැන ගත යුතුයි. දවස් 51ක් මේ රට පාලනය කල වකවානුවේ තමයි මහවිරු දින උත්සව වැඩිම ප්‍රමාණයක් සමරා තිඛෙන්නේ. ඒ අය, ආරක්ෂක අමාත්‍යාංශය, පොලීසිය ඇතුළු සියළු බලතල තිබියදීත් එක වචනයක්වත් කථා කලේ නැහැ. ඔය දින 51 පාලන කාලය තුල තමයි මේ රටේ ඉහලම හමුදා නිලධාරියෙක් අත්අඩංගුවට ගත්තේ. මහ ලොකුවට රණවිරුවෝ ගැන කථා කරනවා. බලය තිබුන දින 51 තුල එක ඇමතිවරයෙක්වත් රණවිරුවෝ ගැන කථා කලේ නැහැ. ඔය දේශප්‍රේමීන් කට ඇරලා එක වචනයක්වත් කථා කලේ නැහැ. පසුගියදා ආරක්ෂක ලේකම්වරයා කියලා තිබුනා, ඩයස්පෝරාවෙන් උපදෙස් ගන්න කියලා රණවිරුවන් යම්කිසි වරදක් කරල තියෙනවා නම් තොරතුරු ලබා දෙන්න, දඩුවම් ලබා දීමට. දැන් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයයි, පොහොට්ටුවයි එකට එකතුවෙලා වැඩ කරනවයි කියලානෙ කියන්නේ. මම අහන්නේ මේ ප්‍රකාශය එම පක්ෂයේ මතයද කියලයි? මේ අය ඡන්දය දිනාගන්න එක එක දේවල් ජනතාවට කියනවා. විපක්ෂයේ නිරුවත අද මුළු රටටම පේනවා. UNP ඇත්ත තිත්ත උනත් ජනතාවට හරි දේ කියනවා. සත්‍ය කථා කරන පක්ෂයක් විදිහට UNP ය දිගටම එකම ස්ථාවරයක සිටිමින් ක්‍රියා කරනවා. බාල දේශපාලනයක නිරත ප්‍රතිවාදීන්ට අපි කියන්නේ ජනතාව නොමග යවන්නේ නැතිව ඇත්ත කථා කරන්න කියලයි. ඹභඡ ය සැමදාම රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් කෙලින් හිටගෙන රට ගොඩනගන්න ජනතාව සමග ඉදිරියටත් කැප වෙනවා.” යැයි අමාත්‍යවරයා කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *