27 April 2024
#දේශීය

ජනපතිගේ තීරණය අද … ශ්‍රීලනිප ජනපති සටනට එයිද?

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය පක්ෂය වෙත ඉදිරිපත් කිරීමේ බලය එම පක්ෂ මධ්‍යම කාරක සභාව විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පවරා ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා පවසයි.

ඊයේ (05) ජනාධිපති නිල නිවසේ රැස්වූ මධ්‍යම කාරක සභාව පැය 02කට අධික කාලයක් ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡාවල පැවැත්විණි. එහිදී අවසානයේ තීරණය කර ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය ජනාධිපතිවරයා විසින් තීරණය කර අද උදෑසන පක්ෂයට දැනුම්දිය යුතු බවයි.

එසේම රට හමුවේ එම ස්ථාවරය ප්‍රකාශයට පත් කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා කියා සිටියේය..

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *