27 April 2024
#දේශීය

මගීන් කියන්නේ වර්ජකයින්ට ඉල්ලීම් දෙන්න එපා කියලයි

දුම්රිය සේවකයන් විසින් දියත් කර ඇති වර්ජනය විසදුමකින් තොරව නව වැනි දිනටත් ක්‍රියාත්මක වෙමින් පවතින අතර එමගින් දැඩි අපහසුතාවයට පත්ව සිටීයද දුම්රිය මගීන් පවසන්නේ රජයක් ලෙසට වර්ජකයන්ට හිස නොනමා සිටිය යුතු බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා වැඩබලන අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පවසයි.

අමාත්‍යවරයා මාධ්‍ය වෙත කියා සිටියේ ඔවුන්ගේ අසාධාරණ ඉල්ලීම් නොසලකා හැර නැවත මෙවැනි තත්වයන් ඇතිවීම වලක්වා ගැනීමට දැඩි ක්‍රියාමාර්ග ගත යුතු බවයි.

අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ අදහස් පල කර සිටියේය “ වර්ජනය ක්‍රියාත්මක උවත් අද වන විට අපි දුම්රිය 22ක් ධාවනය කලා. කාර්යාල දුම්රිය 40ක් පමණ ලබන සදුදා වන විට ධාවනයට සූදානම්. යම් යම් සේවක කණ්ඩායම් නැවත සේවයට වාර්ථා කිරීමට කැමැත්තෙන් සිටියත් කොටසකගේ තර්ජනය කිරීම් නිසා ඔවුන් සේවයට වාර්ථාකිරීමට නොහැකි වී තියෙනවා. අපි ගැන තදින් ක්‍රියා කරනවා. සේවයට වාර්ථා කරන දුම්රිය සේවකයින්ට පොලීස් ආරක්ෂාව දෙනවා. වෘත්තීය ක්‍රියා මාර්ග ගන්නා ක්‍රමවේදයක් තියෙනවා. මේ සියල්ල එයින් පරිබාහිරව හිතුමතේ කරන ඒවා. දැන් දුම්රිය සේවය අත්‍යාවශ්‍ය සේවයක් කරලා තියෙන්නේ. එහි බරපතලකම මොවුන් දන්නේ නෑ. ඔවුන්ගේ රැකියාව දැන් අනාරක්ෂිතයි. ඔවුන් මෙහෙයවන බංකොලොත් විපක්ෂ දේශපාලන කණ්ඩායමට අවශ්‍යෙවලා තියෙන්නේ එවැනි තත්වයක් ඇති කරන්නයි. මහජන සහයෝගය නැතිව කිසිම වෘත්තීය ක්‍රියාමාර්ගයක් ජය ගන්නට බෑ. මගීන් බහුතරයක් කියන්නේ වර්ජකයින්ට සහන දෙන්න එපා කියල. ඒක තමයි ඇත්ත. ඔවුන් ඒ තරමටම ජනතාව පීඩාවට පත් කලා. ධාවනය වන දුම්රිය මග නවතා වර්ජනය කලා. දරුවන්ගේ විභාග කාල සීමාවන් ඉලක්ක කරගෙන වර්ජනය කලා. උදේ රැකියාවට ආ මගීන්ට හවසට ගෙදර යන්න බැරිවෙන විදියට නොදන්වා වර්ජනය කලා. මේවා නින්දිත ක්‍රියා මාර්ග. මෙවැනි දේ ඉදිරියට වෙන්න දෙන්නේ නෑ. ජනතාව පීඩාවට පත් කලා ඇති. මින් ඉදිරියට වර්ජකයන් පිළිබද මානුෂිකව හිතන්නේ නෑ. මානුෂිකව සිතිය යුත්තේ පීඩාවට පත්වී සිටින දුක්විදින මගී ජනතාව ගැන විතරමයි. මින් ඉදිරියට සියලු ක්‍රියා මාර්ග ගන්නේ ඒ වෙනුවෙන් විතරයි.යැයි අමාත්‍යවරයා පැවසිය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *