27 April 2024
#දේශීය

ජනපති අපේක්ෂකත්වයට ශ්‍රීලනිප හිටපු මහලේකම්වරයෙක්

ඉදිරි ජනාධිපතිවරණ මැතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම්වරයෙක් පත් කිරීමට නියමිත බව වාර්තා වේ. ප්‍රජාත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරමින් ඉදිරිපත් වන ජනාධිපති අපේක්ෂකයා ලබන 01 වනදා ශ්‍රී මහා බෝධිය අභියසදී ප්‍රතිඥා දීමට නියමිතව ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත් ජනාධිපතිවරණ අපේක්ෂකත්වයට ඉදිරිපත් වන මෙම පුද්ගලයා විකල්ප හඩක් බවත් ප්‍රජාත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ කියා සිටියේය. එම පෙරමුණේ ප්‍රකාශකයෙකු අප වෙත කියා සිටියේ මේ වන විට ඒ සඳහා සියළු කටයුතු සුදානම් බවයි. ඉදිරිපත් කරනු ලබන අපේක්ෂකයා පරිපුර්ණ පුද්ගලයෙකු වන බවයි.

එසේම ලබන 01 වනදා ප්‍රතිඥා ලබා දෙන ජනාධිපති අපේකෂකයාගේ මුලික අරමුණ වශයෙන් පළාත් සභා සහ පළාත් පාලන ආයතන අහෝසි කිරීමත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 105 දක්වා අඩු කිරීමත්ය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *