27 April 2024
#දේශීය

අගමැති ප්‍රශ්ණයක් යළි ආවොත් ගෙදර යනවා කියපු එක බොරුවක් – කථානායක මාධ්‍ය අංශය

2018 ඔක්තෝම්බර් මස 26 වන දින පාර්ලිමේන්තුවේ බහුතරය නොමැතිව නව අගමැතිවරයෙකු දිව්රුම් දිමේ නිතීවිරෝධි සහ ප්‍රජාතන්ත්‍ර විරෝධි ක්‍රියාවලිය වැනි සිදුවිමක් යලි උද්ගත වුවහොත් කථානායකවරයා සිය ධුරයට සමුදී ඉවත්ව යන බවට ප්‍රකාශ කලේ යැයි අද දින (26) ඇතැම් මුද්‍රිත මාධ්‍යයන්හි සහ සමාජ මාධ්‍ය කිහිපයක පළව ඇති නිසි මුලාශ්‍රයක් පදනම් කර නොගත් පුවත මුළුමනින්ම සාවද්‍ය බව දන්වා සිටින බව කථානායක මාධ්‍ය අංශය පවසයි.

කථානායකවරයා කිසිවිටකත්, එවන් මතයක් නොදරන අතර එවන් ප්‍රකාශයක්ද, සිදුකර නොමැති බව අවධාරණය කර සිටින බව කථානායක මාධ්‍ය අංශය පවසයි.

පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනිව සිදුවන ඕනෑම ක්‍රියාමාර්ගයකට එරෙහිව පාර්ලිමේන්තුව විසින් ගත යුතු උපරිම ක්‍රියාමාර්ග ගැනීම‍ට කිසිවිටකත් පසුබට නොවිය යුතුය’ යන ස්ථාවරයක කථානායකවරයා දැඩිව පිහිටා සිටින බවත් කෙසේ වුවත් ඉහත සඳහන් පුවත, හුදෙක් එම පුවත පළ කරන ලද අදාල මාධ්‍ය ආයතනයන්හි, අනුමාන කිරිමක් පමණක් බව පෙනී යයි , එබැවින් එවැනි තත්වයක් යළි උද්ගත වනු ඇතැයි කථානායකවරයා කිසි ලෙසකත් විශ්වාසය නොකරන බව කථානායක මාධ්‍ය අංශය වැඩිදුරටත් කියා සිටියේය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *