27 April 2024
#දේශීය

ජනපති ආරක්ෂක කවුන්සියට එන්න එපා කියු බව පුජිත කියයි

තමා ඔක්තෝබර් 23 වන දින ආරක්ෂක මණ්ඩලයට සහභාගී වු බවත් ඒ හැරුණ විට තමාට ඔක්තෝබර් මාසයේ සිට සම්බන්ධ වීමට අවශ්‍ය නොමැති බව වාචිකව එවකට හිටපු ලේකම් දැනුම් දුන් බවත් අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි ඉදිරිපත් කරමින්.

එහිදී සාක්ෂි ලබා දෙමින් පොලිස්පතිවරයා කියා සිටියේ, ආරක්ෂක කවුන්සලය වෙත සහභාගී වීමට අවශ්‍ය නොවන බව ජනාධිපතිවරයා විසින් පැවසු බව එවකට ආරක්ෂක ලේකම්වරයා පවසා සිටි බවයි.

එවකට ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ධූරය දැරූ කපිල වෛද්‍යරත්න මහතා මෙම නියෝගය වාචිකව ලබා දුන් බව ද පොලිස්පතිවරයා වැඩිදුරටත් පැවසීය.

 මෙම ප්‍රවෘත්තියේ වැඩිදුර තොරතුරු ලද සැණින් ගෙන ඒමට අප සුදානම්…

 

පෙර පුවත් 

පුජිත – හේමසිරි අද තේරීම් කාරක සභාව හමුවට

Leave a comment

Your email address will not be published. Required fields are marked *