වෛද්‍ය මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය මත්පෙති ජාවාරමක් වටලා AKUGABALIN – 150 වර්ගයේ මත්පෙති 765ක් සමඟ කාන්තාවක අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව සමත්ව තිබේ. මාතර, දෙණිපිටිය ප්‍රදේශයේ පිහිටි අදාළ වෛද්‍ය මධ්‍යස්ථානය තුළ ඊයේ (27) දින මෙම වැටලීම සිදුකර ඇත්තේ වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන් එක්වය. අත්අඩංගුවට ගත් සැකකාරිය සහ මත්පෙති තොගය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරි කාර්යාලය වෙත භාර දී ඇත. වෛද්‍ය ආචාරධර්ම උල්ලංඝනය කරමින් සිදුකරන මෙවැනි නීති විරෝධී මත්පෙති අලෙවිය මැඩලීම සඳහා ඉදිරියටත් මෙහෙයුම් ක්‍රියාත්මක බව බලධාරීහු පවසති.














