27 April 2024
#දේශීය

ජනපති දුර්වලනම් ආණ්ඩුව ඉබේම දුර්වලයි – ෆිල්ඩ් මාර්ෂල් ෆොන්සේකා කියයි

බුද්ධි අංශය අයත්වන්නේ ආරක්ෂක ලේකම්වරයා යටතේ බවත් යම් ආකාරයකින් බුද්ධි අංශ ප්‍රධානියා විසින් යොමු කරන ලබන ලිපියක් ආරක්ෂක ලේකම්වරයා වෙතත් ජනාධිපතිවරයා වෙතත් යොමු වන වැඩපිළිවෙලක් ඇති බව ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

අද (24) පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන විවාදයට එක්වෙමින් කියා සිටියේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිවරයා ඉල්ලා අස්විය යුතු යැයි ප්‍රකාශ කිරීම පදනම් විරහිත බවයි. රටක ආරක්ෂක මණ්ඩලයට අග්‍රාමාත්‍යවරයා මාස කිහිපයක්ම සහභාගී නොවීම පිළිබඳ ගැටළුවක් බව ද හෙතෙම පැවසිය.

එසේම එවැනි දෙයක් පිළිබඳ අග්‍රාමාත්‍යවරයා ද අවධානය යොමු විය යුතු බවත් ඒ පිළිබඳ පාර්ලිමේන්තුවට හෝ දැනුවත් කිරීමක් කළ යුතු බව ඔහු අනාවරණය කළේය.

එසේම රටක ආණ්ඩුවේ ප්‍රධානියා වන ජනාධිපතිවරයා දුර්වලනම් ආණ්ඩුව ද එසේම දුර්වල බව ෆොන්සේකා මහතා පවසයි. රටට ප්‍රහාරයක් ඇති වු තත්ත්වයකදී ජනාධිපතිවරයා විදේශ රටක සිටියද එම අවස්ථාවේදීම මෙරටට පැමිණිය යුතුව තිබුණද ජනාධිපතිවරයා මෙරටට පැමිණියේ ප්‍රමාද වී බව හෙතෙම පැවසිය. නිසි අයුරින්නම් ජනාධීපතිවරයාට එම අවස්ථාවේදීම මෙරටට පැමිණිය යුතු බව ෆොන්සේකා මහතා කියා සිටියේය.

මෙරටට තිබු එල්.ටී.ටී.ඊ යුද්ධය අවසන් වීමෙන් පසු හරියාකාරය මෙරට ආරක්ෂාව තහවුරු කිරීමට හැකියාව ලැබුණේ නෑ. අපේ රටේ බුද්ධි අංශ ක්‍රියාත්මකව තිබුණ ද එම බුද්ධි අංශ කියා කළේ දේශපාලනඥයින්ගේ යන එන ගමන් දරුවන්ගේ තොරතුරු සෙවීමට පමණක් බව ෆොන්සේකා මහතා අනාවරණ කළේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *