27 April 2024
#දේශීය

මෛත්‍රිට මෙරටට අවශ්‍ය නායකත්වය දෙන්න බැරි බව ඔප්පු වුණා – අතුරලියේ රතන හිමි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා වත්මන් ජනාධිපතිවරයා ලෙස පත් කළේ ඔහු ස්වාධීනව මෙරටට පාලනය කරවි යන අපේක්ෂාවෙන් බවත් මේ වන විට ඔහු කටයුතු කරන ආකාරය පිළිබඳ කනගාටුදායක බව පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් පවසයි.

උන්වහන්සේ මේ බව පැවසුවේ අද පාර්ලිමේන්තුවේ පැවැත්වෙන විවාදයට එක්වෙමින්. උන්වහන්සේ කියා සිටියේ මෙම ප්‍රහාර සම්බන්ධයෙන් මීට පෙර ආරක්ෂක අංශ විසින් වගකිය යුතු බවයි.

මෙම අන්තවාදය පැරදවීමට සියළු දෙනා එක්විය යුතු බවත් මේ ආණ්ඩුව තව මාස කිහිපයක් පමණක් ඇති බවත් නිවැරදි නායකත්වයක් ගෙන ඒමට සියළු දෙනා කටයුතු කල යුතු බව උන්වහන්සේ පැවසිය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *