27 April 2024
#දේශීය

ජනපති පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාලයේ හදිසි නිරික්ෂණයක්

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හදිසි නිරීක්ෂණයක් සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ගොස් ඇත. ඒ, කොල්ලුපිටියේදී අත්අඩංගුවට ගත් මෙරට විශාලතම හෙරොයින් මත්ද්‍රව්‍ය තොගය නිරීක්ෂණය කිරීම සඳහා ජනාධිපතිවරයා එහි ගොස් තිබේ.

මේ අතර ශ‍්‍රී ලංකාවේ විශාලතම මත්ද්‍රව්‍ය තොගය වැටලූ පොලිස් විශේෂ කාර්ය බලකායට සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සිය ගෞරවය පුදකර තිබෙනවා.

ඒ, සිය නිල ට්වීටර් ගිණුමේ සටහනක් තබමින්. මෙවැනි වැටලීම් සඳහා අඛණ්ඩව සිය පූර්ණ සහය ලබාදෙන බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් ප‍්‍රකාශ කර ඇත්තේ. මෙම ක‍්‍රියාව අනාගතය භාර ගන්නා දූ දරුවන් වෙනුවෙන් කළ උදාර මෙහෙවරක් බවද ජනාධිපතිවරයා සිය ට්වීටර් පණිවුඩයෙන් දක්වා තිබේ.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *