26 July 2024
#දේශීය

අගමැති රනිල් ඉවත් වෙයි ……ඇමැති 15 දෙනෙකු යුත් භාරකාර ආණ්ඩුවක් ….

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හෙට දිනයේදී විශේෂ ප්‍රකාශයක් සිදු කර ධුරයෙන් ඉල්ලා අස්වන බව දේශපාලන අභ්‍යන්තර තොරතුරු වාර්තා සඳහන් කරයි. එම වාර්තා කියා සිටියේ හෙට දිනයේදී පක්ෂ නායකවරුන්ගේ සාකච්ඡාවක් පවත්වන අතර ඉන් පසුව මෙම ඉල්ලා අස්වීම සිදු කරන බවයි. එසේම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් හෙට දිනයේදී ජාතිය ඇමතිමක් සිදු කරන බව දේශපාලන වාර්තා වැඩිදුරටත් කියා සිටියේය.

එසේම අගමැති රනිල් ඉවත් වු පසු 15 දෙනෙකුගෙන් යුත් කැබිනට් මණ්ඩලයක් පත් කරන බවත් එය මැතිවරණය තෙක් පවත්වාගෙන යාමට කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සමීපතයෙකු කියා සිටියේය. එසේම එම තනතුරු නිසි පුද්ගලයින්ට ලබා දීමට කටයුතු කරන බව එම සමිපතයා අප වෙත වැඩිදුරටත් කියා සිටියේය.

 

දිලිනි සමන්මලි 

Leave a comment

Your email address will not be published. Required fields are marked *