27 April 2024
#දේශීය

ජනපති හමුවිමෙන් පසු එජාපයේ පසුපෙල මන්ත්‍රීවරුන් තිගැස්සෙයි….!

පවතින දේශපාලන අර්බුධකාරි තත්ත්වය තවත් තවත් උග්‍ර අතට පත්වන අනතුරු සංඥා ලැබී ඇති බව එජාප පසු පෙල මන්ත්‍රීවරුන් පවසයි. එජාපයේ පසුපෙල මන්ත්‍රිවරුන් ඊයේ රාත්‍රියේ මාධ්‍ය සගයන් අතර පැවැති හමුවකදී පවසා ඇත්තේ එජාපයට ඉතා නරක කාලයක් ඉදිරියේදී උදා වීමට ඇති බවයි. පසුපෙල මන්ත්‍රීවරුන් වශයෙන් මාධ්‍ය ආයතනවලින් සහාය බලාපොරොත්තු වන බවත් පවතින අර්බුධය විසදාගැනීමට අවශ්‍ය බව ද ඔවුන් පවසා ඇත. මෙම සාකච්ඡාව අලුයම කාලයේදී පැවැති අතර එය පාන්දර 4 දක්වා පැවැති බවයි අප වෙත දැන ගන්නට ඇත්තේ.

පසුපෙල මන්ත්‍රීවරුන් මේ වන විට තිගැස්සීමක් මෙන්ම භය වී ඇති බවත් ඔවුන්ට නැවත ආණ්ඩුවක් පිහිටුවීමට නොහැකි මට්ටමේ වාතාවරණයක් ඇතිව ඇති බව ජනාධිපතිවරයා හමු වු සාකච්ඡාවෙන් අනතුරුව හෙළිව ඇති බව ඔවුන් පවසා සිටියේය.

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාව අගමැති ධුරයෙන් ඉවත් කිරීමෙන් පසුව දේශපාලනික අස්ථාවරත්වය සම්බන්ධයෙන් හා ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ඊයේ (30) පස්වරුවේ ජනාධිපතිවරයාව හමු වු එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන්ට කරකියා ගත නොහැකි තත්ත්වයකට පත්ව ඇති බව වාර්තා වේ.

2015 ජනාධිපතිවරණයෙන් පසුව අමාත්‍යවරුන් ලෙස පත් වු එජාපයේ මන්ත්‍රීවරුන් විසින් සිදු කර ඇති අක්‍රමිකතාවයන් ළිවෙමින් ඇති බවත් එජාපයේ සුචරිත චරිත යැයි පවසන පුද්ගලයින් මේ වන විට යම් යම් චෝදනාවලට ලක්ව ඇති බව අනාවරණ වෙමින් පවතින බව එජාපයේ පසුපෙල මන්ත්‍රීවරුන් මාධ්‍ය සගයන් වෙත පවසා තිබේ.

මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සිදු කලා යැයි පවසන වංචා හා දුෂණ සෙවීමට පත් කර ඇති කමිටුවල විමර්ශන කටයුතු සඳහා සාක්ෂි සෙවීම මේ වන විට ප්‍රමාද බවත් එම විමර්ශන පැවැත්වීම නිසා එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් ක්‍රියාවන් හේතුවෙන් මේ වන විට අපහසුතාවයට පත්ව ඇත්තේද එජාප පක්ෂය බවයි පසුපෙල මන්ත්‍රීවරුන් කියා සිටියේ.

එවැනි තත්ත්වයන් මත නැවත අගමැති ධුරය රනිල් වික්‍රමසිංහයන් හට ලබා දීමට නොහැකි බව ජනාධිපතිවරයා එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන පිරිසට ස්ථිර වශයෙන්ම පවසා තිබේ.

එසේම පසුපෙල මන්ත්‍රීවරුන් පවසන්නේ රනිල් නැතිනම් සජිත් අගමැති කල යුතු බවයි. නමුත් සජිත්ට එම තනතුර පිරි නැමීමට රනිල් වික්‍රමසිංහ අකමැති වීම තුළින් පක්ෂයේ අභ්‍යන්තර අර්බුධ පවා ඉහල යන බවයි. එසේම ඔවුන් පවසන්නේ සජිත් නැතිනම් වෙනත් අයෙකු ඉදිරියට ගෙන ඒමට කටයුතු නොකිරීම බරපතල වරදක් බවයි.එමෙන්ම 2 පෙල නියෝජනය සඳහා මන්ත්‍රිවරුන්ට අවස්ථාවක් නොදීම තුළින් පක්ෂය අගාධයට ඇඳ දමා ඇති බව පසුපෙල මන්ත්‍රීවරුන් කියා සිටි.

එජාප පසුපෙල මන්ත්‍රීවරුන් කියා ඇත්තේ මේ වන විට අමාත්‍ය ධුරයන් දැරි බොහෝ දෙනෙකු බේරා ගැනීමේ වැඩපිළිවෙලක් සකස් කල යුතු බවයි. මාධ්‍ය ආයතනවල හොඳ හිත දිනා ගෙන කටයුතු කිරීමේ මෙහෙයුමක් දියත් කළ යුතු බවත් ඒ සඳහා මේ වන විට ඇතැම් පුද්ගලයින් විසින් කටයුතු කිරීමට යෙදීම සිදු කරන බව පසුපෙල මන්ත්‍රීවරුන් පවසා ඇත.
කෙසේ වෙතත් කුමන අවස්ථාවකදී පවා මහින්ද රාජපක්ෂ එක්ව වැඩ කිරීමේ අකමැත්තක් එජාපයෙ පසුපෙල මන්ත්‍රීවරුන්ගේ අදහස වී ඇත. ඔවුන් පවසන්නේ වෙනම ආකාරයකින් එජාපයට සම්බන්ධ අයව එක්ව ගමන් කිරීමේ වැඩපිළිවෙලක් දියත් කරන බවයි.
එජාපයේ සජිත්ට අගමැති තනතුර ලබා දීමට අකමැතිව ඇත්තේ රනිල් වික්‍රමසිංහයන් ඇතුළු 8 දෙනෙකුගේ කණ්ඩායමක් බවත් කණ්ඩායම රනිල් එජාප නායකත්වයෙන් ඉවත් වන්නට පවා ඉඩ නොදෙන බවයි පසුපෙල මන්ත්‍රීවරුන් පවසා සිටියේ.
මේ වන සරත් ෆොන්සේකා, අජිත් පී පෙරේරා සහ අකිල විරාජ් කාරියවසම් යන එජාපයේ නමක් ඇති පුද්ගලයින්ගේ පවා වංචා දුෂණ ඉදිරියේදී හෙලි කිරීමේ සුදානමක් ඇති බවත් ඔවුන්ව බේරා ගැනීමට පවා මේ වන විට නොහැකි බවයි පසුපෙල මන්ත්‍රීවරුන් වැඩිදුරටත් කියා සිටියේ.
එමෙන්ම මෙම තත්ත්වය මත එජාපයට යළි කිසිදිනක ආණ්ඩුවක් ලබා ගැනීමට නොහැකි මටට්ටමක් පෙනෙන්ට ඇති බවත් එම තත්ත්වය මත එජාපයෙන් විකල්පයකට යාම මිස අන් සරණක් නොමැති බව එපාජ පසුපෙල මන්ත්‍රීවරුන් පවසා තිබේ. මේ වන විට දෙමල ජාතික සන්ධානයේ සහාය එජාපයට හිමිව ඇති වීම ඉතා භායානක බවත් එවැනි තත්ත්වන් වලදී ගමට ගොස් ජනතාව අතරට යාමට නොහැකි බවයි එජාපයේ පසුපෙල මන්ත්‍රීවරුන් පවසා සිටින්නේ. වෙනම සන්ධානයකින් ඉදිරියේදී කටයුතු කල යුතුව ඇති බව ඒ සඳහා මාධ්‍ය සගයන්ගේ සහය අවශ්‍ය බව එජාපයේ පසුපෙල මන්ත්‍රීවරුන් වැඩිදුරටත් කියා සිටියේය.

ඉදිරියටත් එජාපයේ පසුපෙල මන්ත්‍රීවරුන් මේ හෙලිදරව් ඉදිරියටත් TTVnews.lk වෙබ් අඩවිය හරහා දැනුම් දෙන්න අප සුදානම් . රැදි සිටින්නදේශපාලනයේ සිදුවන සත්‍ය තොරුතුරු නොබියව වාර්තාකරණය සමඟ..

Leave a comment

Your email address will not be published. Required fields are marked *