27 April 2024
#ව්‍යාපාර

DLB කොළඹ දිස්ත‍්‍රික් අලෙවි නියෝජිතයින්ට නව අලෙවි කුටි බෙදා දෙයි

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ හදවත බදු අලෙවි නියෝජිත ජාලය වෙනුවෙන් සංවර්ධන ලොතරැයි මණ්ඩලය මගින් කි‍්‍රයාත්මක කරන අලෙවි කුටි බෙදා දීමේ වැඩසටහනේ තවත් එක් අදියරක් පසුගිය 29 වනදා සංවර්ධන ලොතරැයි මණ්ඩල පරිශ‍්‍රයේදී සිදුවිය.

සංවර්ධන ලොතරැයි මණ්ඩලය මගින් ස්වයං රැකියා ප‍්‍රවර්ධනය කිරීමේ මූලික අරමුණ පෙරදැරිව ලොතරැයි කුටි 500 කට ආසන්න ප‍්‍රමාණයක් අලෙවි නියෝජිත ජාලය වෙත බෙදා දීමේ වැඩසටහනක් ආරම්භ කර ඇති අතර එහි හතරවන අවස්ථාව එහිදී කි‍්‍රයාවට නැංවුණි.

ඒ අනුව කොළඔ දිස්ති‍්‍රක් අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් සදහා අලෙවි කුටි 35 ක් බෙදා දීම සිදුවිය.

රුපියල් 43,000/- ක් වටිනා ලොතරැයි අලෙවි කුටියක් සදහා අදාළ වටිනාකමින් 50%ක් අය කර ගනිමින් මෙම අලෙවි කුටි බෙදා දීමේ සත්කාරය සංවර්ධන ලොතරැයි මණ්ඩලය මගින් දියත් කරනු ලබයි.

මෙම අවස්ථාව සදහා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති එස්.ඒ.පී සූරියප්පෙරුම මහතා, සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතා වැඩබලන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (අලෙවි) චානක දොඩන්ගොඩගේ මහතා, සහකාර සාමාන්‍යාධිකාරී (විකුණුම්) සුනිල් ජයරත්න මහතා සහ අලෙවි නිළධාරී ඇතුළු කාර්ය මණ්ඩලය සහභාගී විය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *