27 April 2024
#සංවර්ධන

ජාතික මුද්දර ප්‍රදර්ශනය ඔක්තෝබර් 05 වනදා කොළඹ දී ඇරඹේ

2019 ලෝක තැපැල් දිනයට සමාගාමීව පැවැත්වෙන ජාතික මුද්දර ප්‍රදර්ශනය 2019 ඔක්තෝම්බර් මස 05 වනදා සිට 09 වනදා දක්වා පෙ.ව 9.00 සිට ප.ව 7.00 දක්වා කොළඹ 10 ඩී.ආර්.විජේවර්ධන මාවතේ පිහිටි තැපැල් මූලස්ථාන පරිශ්‍රයේදී මෙම ප්‍රදර්ශනය පැවැත්වීමට නියමිතයි.

තැපැල් දෙපාර්තමේන්තුව පැවසුවේ එම ප්‍රදර්ශනයට සමගාමීව වෙළඳ කුටි 30 කට අධික සංඛ්‍යාවකින් යුත් පැරණි මුද්දර, කාසි හා නෝට්ටු අලෙවි පොළක්ද පැවැත්වෙන අතර මීට සමගාමීව දිනපතා සුවිශේෂී වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මෙම ප්‍රදර්ශනයේ දී ශ්‍රී ලංකාවේ ප්‍රථම මුද්දරය ඇතුළු දුර්ලභ මුද්දර පැරණි සිහිවටන පත්‍රිකා, මුල්දින කවර, මුද්දර නිර්මාණ ආකෘති, මුද්දර නිර්මාණය පිළිබඳ වැඩමුළු, මුද්දර ප්‍රදර්ශන කලාප ඇතුළු සුවිශේෂී දේ බොහොමයක් දැක අත්විඳීමට අවස්ථාව උදාවේ.

එසේම ඔබේ රුවටත් මුද්දරයක් සුවිශේෂි එක්දින සේවාව යටතේ ඔබේ රුව යෙදූ වලංගු මුද්දර ලබා ගැනීමට ද හැකියාව පවතින බව මුද්දර කාර්යාංශයේ අධ්‍යක්ෂක ශාන්ත කුමාර මීගම මහතා පවසයි.

ජාතික මුද්දර ප්‍රදර්ශනයට සමගාමීව පවත්වනු ලබන සමස්ථ ලංකා මුද්දර ප්‍රදර්ශක තරඟාවලියේ ප්‍රදර්ශක භාර ගැනීමේ අවසන් දිනය 2019 ඔක්තෝබර් 02 වනදා දක්වා දීර්ඝ කර ඇත.

ඒ අනුව පාසල් තරඟ කරුවන්ට සහ විවෘත තරඟ කරුවන්ට තම ප්‍රදර්ශක තැපැල් මඟින් හෝ ගෙනැවිත් බාර දිමට හැකියාව ලැබේ .

සියළුම තරඟකරුවන් සඳහා සහභාගීත්ව සහතිකයක් පිරිනැමෙන අතර ජයග්‍රාහකන් ජාතික මුද්දර ප්‍රදර්ශනයේ සමාප්ති උළෙලේදී විශේෂ ඇගයිමට ලක් කිරීමට නියමිතයි.

ප්‍රදර්ශක ආකෘති සහ තරඟ විස්තර www.stamps.gov.lk වෙබ් අඩවිය වෙතින් බාගත කර ගැනීමට හැකියාව ඇත.

වැඩි විස්තර සඳහා අමතන්න.
උත්පල මහතා – 0718807921

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *