27 April 2024
#දේශීය

ජනාධිපතිවරණය නව වසරේදී…ද ?

මේ දිනවල වඩාත් කතාබහට ලක්ව ඇති ජනාධිපතිවරණය ලබන වසරේ පැවැත්වීමට බොහෝ ඉඩ කඩ ඇති බව වාර්තා වේ. පසුගිය දිනක ජනාධිපතිවරයා ඉන්දිය නව අග්‍රාමාත්‍යවරයා ලෙස දෙවන වරටත් පත් වු නරේන්ද්‍ර මෝදිගේ දිවුරුම් දීමෙන් අනතුරුව මාධ්‍ය පවසා සිටියේ ලබන දෙසැම්බර් මස ජනාධිපතිවරණය පැවැත්වෙන බවයි. එයට තමා ඉදිරිපත්වීමට සුදානමක් නොමැති බව ජනාධිපති මෛත්‍රිපාල එහිදී පවසා සිටියේය.

මේ අතරම පසුගිය දිනක කැබිනට් මණ්ඩල රැස්වීමේදී පවා ජනාධිපති මෛත්‍රිපාල විසින් එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරුන් සමඟ පවසා ඇත්තේ ද තමා ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බවත් එජාපයෙන් ඉදිරිපත් කරන තරුණ අයෙකුට සහාය ලබා දෙන බවයි.

එය කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩයම විසින් ජනාධිපතිවරයා වෙත සංදේශයක් ඉදිරිපත් කරමින් පවසා ඇත්තේ ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ලෙසයි. එයට නිමල් සිරිපාල ද සිල්වා මහතා මුලිකව කටයුතු කර ඇත්තේය. පසුගිය කාලවලදී නිමල් සිරිපාලද සිල්වාම අග්‍රාමාත්‍ය ධුරයට පත් කිරීමට යෝජනා වී තිබුණ ද එය පටන් ගත් තැනින්ම අවසන් වීය.

සිද්ධින් පෙළ මෙසේ දිග හැරුණ ද මැතිවරණ කොමසාරිස් කාර්යාලය පවසා සිටින්නේ පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීය යුතු බවයි. අද දිනයේදී පක්ෂ ලේකම්වරුන් සමඟ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සාකච්ඡාවක් කැඳවා තිබේ. මෙහිදී ජනාධිපතිවරණය මෙන්ම පළාත් සභා මැතිවරණය පැවැත්වීය යුතු බවට වන සාකච්ඡාවක් පැවැත්වේ.

මෙහිදී ඇතැම් දේශපාලන පක්ෂ ලේකම්වරුන් විසින් මැතිවරණය කොමිසමේ සභාපතිවරයාට ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කරන්නේනම් වඩාත් සුදුසු බව යෝජනා කිරීමට නියමිත බව වාර්තා වේ. නමුත් එය යෝජනාවක් පමණක් බවට පත් වනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ජනාධිපතිවරණයට වත්මන් ජනාධිපතිවරයාට ඉදිරිපත් වන්නේ ද නැද්ද යන්නවත් එයට කවුරුන් ඉදිරිපත් වන්නේ දැයි මෙතෙක් කිසිදු ආකාරයේ නිල ප්‍රකාශයක් කවුරුන් හෝ සිදු කර නොමැත.

මෙම තත්ත්වය අනුව යම් ආකාරයෙන් අධිකරණය තීන්දුවක් ලැබුණහොත් ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතුබව එහිදී සිදු වන්නේ තව කාලයක් ජනාධිපතිවරණ මැතිවරණය කල් යන බවයි.

රජයේ විශ්වාස කටයුතු පුද්ගලයෙකු අප වෙත කියා සිටියේ ජනාධිපතිවරණය නියමිත කාලයට නොපවත්වන වැඩ කටයුතු සුදානම්ව ඇති බවයි. ජනාධිපතිවරණය බොහෝ විට ලබන වසරේදී පැවැත්වීමට නියමිතව තිබේ. ඇතැම් අවස්ථාවලදී ජයග්‍රහණයට ලැබීමට නම් ජ්‍යෙතිෂ්‍ය කටයුතුවලට මුල් තැන් තබා දීම කල යුතු බව ඇතැම් ප්‍රබලයින්ගේ විශ්වාසය නිසා බව දැන ගැනීමට ඇත. පාලකයා නැවත බලයට පත්වීමට අවශ්‍ය කරන වටපිටාව සකස් කිරීම මෙහි මුලික අරමුණ බව වාර්තා වේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *