27 April 2024
#දේශීය

ජනාධිපති කොමිසම වෙතින් මාධ්‍යට විශේෂ නියෝගයක්

මැතිවරණ සමය අවසන් වන තෙක් දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයාබැලීමේ ජනාධිපති කොමිසමේ සාක්ෂි ලබාදීමෙන් පසු,  පිටතට පැමිණෙන සාක්ෂිකරුවන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීම අත්හිටුවන ලෙස මාධ්‍ය වෙත දැනුම් දීමක් සිදුකර ඇත.

වාර්තා වන ආකාරයට ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා විසින් මෙම නියෝගය දී ඇත.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය  විසින් පසුගිය දා මෙම  ජනාධිපති කොමිසම වෙත ලිපියක් යොමු කරමින් දන්වා තිබුණේ  මැතිවරණ සමය අවසන් වන තෙක් සාක්ෂිකරුවන් විසින් මාධ්‍ය වෙත ප්‍රකාශ සිදුකිරීම වැළැක්වීමට අවශ්‍ය පියවර ගැනීම පිළිබඳ සලකා බලන ලෙසය.

විශේෂයෙන් මැතිවරණ සමයේදී කොමිසම වෙත පැමිණෙන සාක්ෂිකරුවන් සාක්ෂි ලබා දීමෙන් අනතුරුව මාධ්‍ය වෙත ලබාදෙන ප්‍රකාශ හේතුවෙන් අපේක්ෂකයින්ට අගතියක් සිදුවන බව එහිදී මැතිවරණ කොමිසමේ සභාපති  මහින්ද දේශප්‍රිය අවධාරණය කර තිබිණ.

ජනාධිපති කොමිසම මේ තීන්දුව ගෙන ඇත්තේ ඒ අනූවය.

මෙම ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා දැනුවත් කිරීමට ද සභාපති විනිසුරුවරයා පියවර ගෙන ඇති බව සඳහන් වේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *