27 April 2024
#දේශීය

මැතිවරණ සතියේ පාසල් වැසෙයි

අගෝස්තු 05 ට යෙදෙන මෙවර මහ මැතිවරණය ඇතුළු ඒ ආශ්‍රිත කටයුතු   වෙනුවෙන් සතියක කාලයක්  තුළ සියලුම රජයේ පාසල්වලට නිවාඩු ලබා දීමට තීරණය කර තිබේ.

අද (29) අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මේ බව සඳහන් කර සිටියේය.

ඒ අනුව අගෝස්තු මස 4, 5,6 සහ 7 වන සිකුරාදා යන දිනවල පාසල් වසා තබනු ලැබේ.

එසේම දිවයිනේ සියලු පාසල්වල 11, 12, 13 ශ්‍රේණිවල අධ්‍යන කටයුතු පසුගිය ජූලි මස 27 වන දින යළි ආරම්භ වු බැවින් එම ශ්‍රේණිවල සිසුන්ට මෙම නිවාඩුව අදාළ බව අමාත්‍යාංශය පවසයි .

Leave a comment

Your email address will not be published. Required fields are marked *