27 April 2024
#දේශීය

ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ සාක්ෂි විභාග ආවරණයට මාධ්‍යට අවසර දෙයි

ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ සාක්ෂි විභාග කිරීමේ කටයුතු ආවරණය කිරිමට මාධ්‍ය ආයතන සඳහා අවසර ලබාදී ඇති බව එම කොමිසම් සභාව පවසයි. ඒ අනුව ලබන අප්‍රේල් මස 01 වනදා සිට සාක්ෂි විභාග කිරිමේ කටයුතු මාධ්‍ය සඳහා ආවරණය කිරිමට අවස්ථාව සැලසෙනු ඇත.

2015 ජනවාරි මස 15 වන දින සිට 2018 දෙසැම්බර් මස 31 වන දින දක්වා කාලය තුළ රජයේ ආයතනවල සිදුව ඇතැයි සැලකෙන දුෂණ වංචා සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පසුගියදා මෙම කොමිෂම පත් කරනු ලැබුවේය.

එම කොමිෂමට පැමිණිලි භාරගැනීම පසුගිය 19 වනදායි අවසන් වූ අතර කොමිසම සඳහා ඒ වන විට පැමිණිලි 1142ක් ලැබී තිබුණි.

ලැබී ඇති පැමිණිලි සහ පෙත්සම් වලට අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින ආයතන, ඛණිජ තෙල් සංස්ථාව, කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ පවතින ආයතන, රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව, ජාතික ලොතරැයි මණ්ඩලය, විදේශ සේවා නියුක්ති කාර්යාංශය යන ආයතනවල සිදුව ඇතැයි කියන මහා පාරිමාණ දුෂණ වංචා ප්‍රධාන තැනක් ගන්නා බව ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ ප්‍රකාශකයෙකු පැවසුවේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *