27 April 2024
#දේශීය

ජනාධීපති අපේක්ෂකයා වේලාවට ඉදිරිපත් කරන්නම් – ඇමැති මලික්

ඉදිරියේ පැවැත්වෙන ජනාධිපති අපේක්ෂකයා අවශ්‍ය වේලාවට ඉදිරිපත් කරන බව සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පවසයි.

අමාත්‍යවරයා අද (21) පාර්ලිමේන්තුවේදී මේ බව පැවසුවේ මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා විසින් ආර්ථීකය ගොඩ ගන්නේ නැතිව ජනාධිපති අපේක්ෂකයෝ සොයමින් සිටින්නේ ද යන්න පිළිබඳ කළ විමසීමකදිය.

එහිදී මලික් අමාත්‍යවරයා කියා සිටියේ සංචාරක කේෂ්ත්‍රය ගොඩගැනීම සඳහා වසරක කාලයක් සහන ලබා දී තිබෙන බවයි. එසේම ආර්ථිකය ගොඩ නැගීම සඳහා සියළු කටයුතු කරන බව හෙතෙම පැවසිය. එසේම ජනාධිපති අපේක්ෂකයා අවශ්‍ය අවස්ථාවේදී ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *