27 April 2024
#දේශීය

ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගය ජවිපේ කථානායකට භාර දෙයි

ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව අද (21) පෙරවරු 10 කථානායක කාර්යාලයේදී ජනතා විමුක්ති පෙරමුණ විසින් කථානායක කරූ ජයසූරිය මහතා වෙත භාරදී තිබේ.

මෙම අවස්ථාවට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහභාගී වී සිටි බව සඳහන්ය.

රට තුළ පවතින අනාරක්ෂිතභාවය, මහජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට අපොහොසත් වීම යන කරුණු මුල් කර ගනිමින් ජනතා විමුක්ති පෙරමුණ රජයට එරෙහි මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කර තිබේ.

 

 ඡායාරුපය – අද දෙරණ වෙබ් අඩවියෙන් 

 

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *