27 April 2024
#දේශීය

ජනතාව ප්‍රතික්ෂේප කරන පක්ෂ එක්ක ඉදිරියට යන්න බෑ – මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා

ජනතාව ප්‍රතික්ෂේප කරන දේශපාලන පක්ෂවල අය එක්ක ඉදිරි ගමනක් යන්න අපහසු බවත් මන්ත්‍රීවරුන් විදිහට රටේ ආර්ථිකය නිවැරදිව හසුරවන ආකාරයේ කටයුතු සැලසුම් කල යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ අලුත් සන්ධානය සම්බන්ධයෙන් TTVnews.lk වෙබ් අඩවිය කල විමසීමකදීය.

ඒ මහතා පැවසුවේ පසුගිය දිනක ස්වාධින මන්ත්‍රීවරුන්ගේ සන්ධානය සම්බන්දයෙන් සාකච්ඡාවක් අමාත්‍ය මහින්ද අමරවීම මහතාගේ කොළඹ නිවසේදී සිදු වු බවයි. එහිදී කිසිදු පක්ෂයක් හෝ කිසිදු පුද්ගලයෙකු සම්බන්ධයෙන් විවේචනය නොකල බවත් එහිදී පවසා සිටියේ අරගලයේ සිදු කල හේතුව මේ දුෂිත පක්ෂ මෙන්ම දුෂිත දේශපාලනය පිලිබඳ ජනතාවගේ තිබු ඇති වු අකමැත්ත හේතුවෙන් බවයි. ඒ අනුව නව දේශපාලන සන්ධානයකට අනුගත වන සහ රටේ ගොඩනැගිමේ අරමුණින් එකතුවන මන්ත්‍රීවරුන්ට මෙම සන්ධානය එක්වීමට අවස්ථාව ඇති බව ප්‍රියදර්ශන යාපා මන්ත්‍රීවරයා අප වෙත පැවසිය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *